Sunday, 10 May 2020

හැදින්වීම


   


 අප අද ජීවත්වෙමින් සිටින්නේ, ලාභය, පුද්ගලික අභිවෘද්ධිය සහ තරඟකාරීත්වය තම ජීවිතයේ ප‍්‍රමුඛතම ආචාරධර්මය කරගත් ආර්ථික රටාවක් තුළයි. මේ මොහොත වන විට මෙම ජීවන ක‍්‍රමය ගෝලීය වශයෙන් අති දරුනු පාරිසරික, සාමාජීය සහ අධ්‍යාත්මික අර්බුධයකට මිහිතලය අභිමුඛ කර ඇත. මිහිතලයේ මූලික කොන්දේසීන් වන ජලය, වාතය, මහපොළව පෙර නොවූ විරූ ලෙස දුශනයවීමෙන් එහි වෙසෙන ජීවීන් අතිමහත් බහුතරයක් ලෙඩුන් බවට පත්කොට ඇත.
     වායු දුශණය, කෘෂි රසායන, න්‍යෂ්ටික අපද්‍රව්‍ය වැනි වස විස මහපොළවට මුසුවීමෙන් හඳුනා නොගත් රෝග නිසා මිය යන ප‍්‍රමාණය ගෝලීයව සීග‍්‍රයෙන් ඉහළ යමින් පවතී. ලාභය උපරිම කරගැනීමේ අරමුණින් හඳුන්වාදුන් ජාන වෙනස්කරන ලද ආහාර විශේෂයෙන් දරුවන්ගේ ශරීර වලට අනිසිවිදියට බලපාන බව විද්‍යාඥයින්ගේ අදහසයි. අසීමාන්තිකව පොසිල ඉන්ධන භාවිතය නිසා ගෝලීය උශ්නත්වය ඉහළ යාමත්, එනයින්, උත්තර සහ දක්‍ෂිණ ද්‍රවයන්ගේ අයිස්කඳු දියවීයෑමේ ප‍්‍රතිපලයක් ලෙස මුහුදු මට්ටම ඉහළ යෑම විශාල තර්ජනයක් බවට පත්වී ඇත.
     එනයින් මනුශ්‍යයා යනු තමාගේ අවිඥනික භාවිතයේ ප‍්‍රතිපලයක් වශයෙන්, දැවැන්ත වෙළ`ඳපලක් තුළ හුදු පරිභෝජනවාදියෙක් බවටත්, අසමතුලි වූ සොබාදහමක ප‍්‍රාණ ඇපකරුවෙකු බවටත් පත්ව ඇත. තවදුරටත් අපට මෙසේ ගමන්කළ නොහැක. තමාවත්, තමාගේ දිගුවක් වන සොබාදහමත් නසන ස්වයං විනාශකාරී ආර්ථික රටාවක් වෙනුවට ජීවිතය ප‍්‍රමුඛ කරගත් තිරසාර ජීවන රටාවකට විතැන්වීම මේ මොහොතේ අනිවාර්යයකි.
     අපගේ විශ්වාසය නම්, සමාජ සාධාරණත්වය, අනයෝන්‍ය ගරුත්වයෙන් යුත් තිරසාර ජීවන රටාවක් වෙතට විතැන්වීමට නම් ගෝලීයව මිනිස් සවිඥනිකත්වයේ පරිවර්තනයක් සිදුවිය යුතුු බවයි. එය අප වෙනුවෙන් සපුරන්නෙක් තවදුරටත් හමු නොවනු ඇත. එ් සඳහා අපිට අපි සමඟත්, සොබාදහම සහ අනෙකා සමගත් දක්වන සම්බන්ධය වෙනස් කරගැනීමට වෙහෙස වීමට සිදුවනු ඇත. එය අපගේ එදිනෙදා ජීවිතයේම කොටසකි.
      අපගේ අරමුණ ඔබගේ එම අරගලයට අවශ්‍ය දැනුම, තොරතුරු, ද්‍රව්‍ය, භාවිතයන් සහ ජාලගතවීම් සදහා පහසුකම් සලස්වන්නෙකු ලෙස කටයුතු කිරීම යි.
මෙම වෙබ් අඩවිය ඔබගේද වැඩබිමයි. මෙම අවකාශය තුළ ඔබගේ මැදිහත්වීම අපි නිරන්තරයෙන් අපේක්‍ෂා කරන්නෙමු. අනාගතය විවෘත මාවතකි. ජීවිතය මේ මොහොතේ දී පමණක් මුණගැසේ.

No comments:

Post a Comment