සටන් කලාව යන්න ඉතා පුළුල් විෂය ක්ෂේත්‍රයකි. එහි ඉතිහාසය පිළිබඳ සාකච්ඡා කිරීම යනුද එතරම්ම පුළුල්ය. චීන සටන් කලාව ගත් විට එහි ශෛලීන් විශාල ප්‍රමාණයක් ඇත. සත්ත්ව ඉරියව් අනුකරණය කරමින්ම ගොඩනැගුණු ශෛලීන්ද විශාල ප්‍රමාණයකි. ප්‍රාදේශීයව ගොඩනැගුණු ප්‍රධාන ධාරාවට එකතු නොවුණු ශෛලීන්ද තිබිය හැක. එසේම එකම කතාන්දරයට වෙනස් කියවීම්ද තිබිය හැක. එබැවින් එහි ඉතිහාසය අපට එක් කතාන්දරයකට ලගු කළ නොහැක. මෙහිදී ඉතිහාසය යන යෙදුමට වඩා ඉතිහාසයන් නමින් හැඳින්වීම වඩා නිවැරදිය. පසුගිය ලිපියෙන් උත්සාහ කළේ එම ඉතිහාසයන්ගෙන් බිඳක් ඔබ හමුවට ගෙන ඒමයි.
සටන් කලාව කියූ විට ලාංකීය අප බොහෝ විට දැක ඇත්තේ වේගවත්, ජවසම්පන්න, දිගු අත් සහ පා පහරවල් සහිත උච්චස්වර ශබ්දයන්ද යොදා ගනිමින් කරනු ලබන සටන් හෝ චලන පද්ධතීන්ය. එය මෙම කලාවේ එක් මානයක් පමණි. අපි ඒ පිළිබඳව වඩා පුළුල්ව විමසා බලමු.
චීන සටන් කලා ව්‍යුහය
1. බාහිර සටන් කලාව (Waijia)
2. අභ්‍යන්තර සටන් කලාව (Neijia)
යන අංශ දෙකකින් සමන්විත වේ. මෙම වෙන්කර දැක්වීම 17 වන ශත වර්ෂය දක්වා ඈතට දිව යයි. නමුත් එහි නූතන අර්ථ දැක්වීම සුන් ලුතාන් (Sun Lutang) නම් ගුරුවරයා විසින් වර්ෂ 1915 සිට 1928 දක්වා වූ කාල පරිච්ඡේදය තුළ ප්‍රකාශනයට පත්කරන ලද සටන් කලාව සහ එහි දර්ශනය පිළිබඳ පොත් 5න් පසුව ගොඩ නැගුණකි. චීන ජාතික සටන් කලා පරීක්ෂණය (National Martial Arts Examinations) ප්‍රථම වරට 1928දී පවත්වන ලදී. (ඊට පසුව එය 1933 දී ද පැවැත්වීය). එහිදී ඔවුන් විසින් ප්‍රථම වතාවට අභ්‍යන්තර ශෛලීන් ලෙස පහත සඳහන් ශෛලීන් හඳුන්වා දෙන ලදී.

1. තායි චී ශෛලිය (Taijiquan)
2. ශින් යී ශෛලිය (Xingyiquan)
සුන් ලුතාන් ගුරුතුමා විසින් පහත උපමානයන් මත අභ්‍යන්තර ශෛලීන් වෙන් කොට හඳුනා ගන්නා ලදී. එහි ප්‍රධාන අංග 3කි.
1. මනස (Yi)
මනස භාවිතා කිරීමේදී එහි ස්වරූපය අවධාරණය කරයි. බාහිර සටන් කලාවේදී ප්‍රචණ්ඩකාය බලය (Li) භාවිතා කරන ස්වරූපයට ප්‍රතිපක්ෂව "මනස" ශරීර ස්කන්ධය එහි කොටස් අතර සැහැල්ලුවෙන් හුවමාරු කිරීමේදී සම්බන්ධීකරණය සිදු කරයි.
2. අභ්‍යන්තර ශක්තිය (Qi)
ශරීරයෙහි අභ්‍යන්තර සංවර්ධනයේදී චී (Qi) ශක්තියෙහි සංසරණය සහ එහි ප්‍රකාශමාන වීම අවධාරණය කරයි.
ශරීරයෙහි අභ්‍යන්තර සංවර්ධනයේදී චී (Qi) ශක්තියෙහි සංසරණය සහ එහි ප්‍රකාශමාන වීම අවධාරණය කරයි.
සම්භාව්‍ය චීන දර්ශනයේ සහ සාම්ප්‍රදායික චීන වෙදකමේදී චී යනුවෙන් හැඳින්වෙන්නේ ජීව ශක්තියයි. (Vital Energy). මෙම ශක්තිය ඉන්දියානු යෝග විද්‍යාවේදී හඳුන්වනු ලබන්නේ ප්‍රාණ යනුවෙනි. ජපානයේදී යොදා ගන්නේ කී (Ki) යන පදයයි. සංස්කෘත භාෂාවේ "චිත්" (chit-awareness or consciousness) යන්නෙන් "චී" යෙදුම බිඳී අාවකැයි ඉන්දියානුවන් පවසයි. චිත් යන්නෙහි ශක්තිය යන අර්ථයද ගැබ් වී ඇත.
3. තාඕ ඩඕයින් (Taoist Daoyin), චී ගොන්ග් (Qigong) සහ නෙයි ගොන්ග් (Neigong) යන අභ්‍යාසයන්හි යොදා ගැනෙන බාහිර චලනය පිළිබඳ මූලධර්ම භාවිතා කිරීම.
රුවන් බස්නායක