Monday, 18 January 2016

Free Publications from Sharakshi



                                                                        ඇස් පහ

‘ඇස් පහ’ නමැති මේ කුඩා පුස්තිකාව ඔබට පිරිනමන්නේ
ඇමරිකාවේ බෞද්ධ සංගමයේ සමාරම්භක පුරෝගාමියෙක් වූ
ආචාර්ය චියා තෙන්ග් ෂෙන් විසින් බුදුන් වහන්සේගේ උපත සමරා
1969 වෙසක් මාසයේදී නිව්යෝක් නුවර බුද්ධ බෝධි විහාරයේදී
පවත්වනු ලැබූ දේශනයකි.
මෙම දේශනය නූතන භෞතික විද්‍යා දැනීම ඇසුරු කොට
ගත් විද්‍යුත්-චුම්බක තරංගාවලියක පර්යාලෝකය සහ බුදු දහමේ
ශුන්‍යතාවාදය ඒකාබද්ධ කොටගෙන මිනිස් ඇසේ සාපේක්ෂතාවය ද
එනයින් ලෝක-ස්වභාවය ද ගැඹුරු ලෙස වටහා ගැනීමට උදව්
කරන්නාවූ අත්වැලක් වශයෙන් හඳුන්වා දීමට කැමැත්තෙමි.

ඇස් පහ - පරිවර්තනය මහාචාර්ය ඩබ්ලිව් එම් ගුණතිලක
හැඳින්වීම: ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන


Five Eyes  - Translated by Prof. W. M. Gunathilake
Preface: Dr. Sunil Wijeiriwardena



ආර්ය සංඝාය සූත‍්‍ර ධර්ම පර්යාය


‘‘භාග්‍යවතුන් වහන්සේ එම බෝසතුන්ට මෙසේ කීහ: ‘‘සර්ව - ශූරයෙනි,
මෙම පෘථිවිය මත තවමත් කි‍්‍රයාකාරී ලෙස පවතින සංඝට නම් ධම_පර්යායක්
ඇත්තේය. එම සංඝාට ධම_ පර්යාය අසන  ඕනෑම අයෙකුගේ පංචානන්තර්ය
කර්මයන් ඉවත් වී පවිත‍්‍ර වන්නේය. ඔවුන් කිසි විටෙකත් අනුත්තර සම්‍යක්
සම්බෝධියෙන් ආපසු හැරෙන්නේ නැත. සර්ව ශූරයෙනි, ඔබ මේ ගැන
සිතන්නේ කුමක්ද? මෙම සංඝාට සූත‍්‍රය අසන අයෙක් එක් තථාගතයන්වහන්සේ
නමකගේ පුණස්කන්ධය නිෂ්පාදනය කරන්නේය යන ආකාරයට නොදැකිය
යුත්තේය.’’
සර්ව-ශුර මෙසේ කීය: ‘‘එසේ නම්, එය දැකිය යුත්තේ කවර ආකාරයටද?’’

භාග්‍යවතුන්වහන්සේ මෙසේ කීහ: ‘‘සර්ව -ශූරයෙනි, බෝධිසත්ව - මහාසත්‍වවරු ද ගංගා නම් ගංගාවේ වැලිකැට ප‍්‍රමාණය හා සමාන තථාගත අර්හත්
සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා සංඛ්‍යාවකගේ වැනි පුණ්‍යස්කන්ධයක්
නිර්මාණය කරන්නාහ. සර්ව - ශූරයෙනි, මෙම සංඝාට ධම_පර්යාය අසන
උදවිය කිසිම විටෙක ආපසු හැරෙන්නේ නැත. ඔවුහු තථාගතයන් වහන්සේ දකින්නාහ. ඔවුහු කිසි විටෙකත් තථාගතයන් වහන්සේ දැකීමෙන් ඉවත්
නොවන්නාහ. ඔවුහු අනුත්තර සම්‍යක් සම්බෝධිය තුළ බුද්ධ - බෝධියට පත්
වන්නාහ. දුෂ්ට මාරයාට පවා ඔවුන් ලබා ගන්නා නානා ධම_යන් පසුබා ගිය
නොහැක. සර්ව-ශූරයෙනි, මෙම සංඝාට සූත‍්‍රය අසන සියලූ දෙනාටම සමුදය
- වය (-ඇතිවීම - නැතිවීම යන* ධම_තාව අවබෝධ වන්නේය.’’




ආර්ය සංඝාය සූත‍්‍ර ධර්ම පර්යාය, පරිවර්තනය මහාචාර්ය ඩබ්ලිව් එම් ගුණතිලක
ප‍්‍රකාශණය: ටෙන්සන් ලෙක්ඩ‍්‍රන් මෙහෙණින් වහන්සේ

Sangata Suthra Dharma Paryaya, Translated by Prof. W. M. Gunathilake
Published by: Tenson Lakedran Thero


ප‍්‍රඥා පාරමිතා හෘදය සූත‍්‍රය

ප‍්‍රඥා පාරමිතා හෘදය සූත‍්‍රය වනාහි ප‍්‍රඥාවේ වැඞීම සදහාම වූ ප‍්‍රඥා පාරමිතා නමින් යුත් ධර්ම සුත‍්‍ර
විශාල සංඛ්‍යාවක හදවත බදු වුවකි. එනම්, මෙහි ඇත්තේ එ් සියලූම සුත‍්‍රවල සාරාංශය ය. 
ප‍්‍රඥා පාරමිතා මන්ත‍්‍රය යනු එ් සියල්ලම තව දුරටත් කැටි කොට ඉදිරිපත් කිරීමකි. 
එසේ කෙටි වීම නිසාම එහි බල සම්පන්න බවද වැඩිවන්නේ අත්‍යාවශ්‍ය වු ම කාරනය ගැන 
එහි අවධාරණය කෙරෙන බැවිනි.



සුවර්ණභාසෝත්තම සූත‍්‍රය

සියලූ කර්ම ක්‍ෂය කොට ගෙවා දමන්නා වූ
සුවර්ණභාසෝත්තම නම් වූ
මෙම ගැඹුරු දේශනාව මම
එම සියලූ ජීවී සත්වයන්ටදේශනා කරන්නෙමි.
කෙනෙකු කල්ප දහසක් තිස්සේ කළ
දරුණු පාපකම–යන් සියල්ලම
මෙම සූත‍්‍රය හරහා එක් වරක්
පාපොච්චාරණය කිරීමෙන්
නිසැකවම ගෙවී පවිත‍්‍ර වන්නේය.




මෙම පොත් නොමිලේ ලබාගැනීම සදහා විමසන්න. 0773587588 හෝ 0769757588  නැතිනම් saharakshi@gmail.com

Call us on 0773587588 or 0769757588 or write to saharakshi@gmail.com to get more information on free publications.

මාහාචාර්ය ඩබ්ලිව්.එම්.ගුණතිලක විසින් පලකරන ලද අනෙකුත් පොත්

                              Rs.350.00 - Available


                              Rs.280.00 - Available


                            Rs.300.00 - Available






                         Rs. 250.00 Available


                                Rs.160.00 - Available


                         Rs.450.00 - Available


                             Rs. 115.00 - Available








                       




                             Available


මාහාචාර්ය ඩබ්ලිව්.එම්.ගුණතිලක සහ මාහාචාර්ය ගුණපාල ධර්මසිරි විසින් පරිවර්තනය කරනලද පොත්


                              Rs.300.00 - Available











මාහාචාර්ය ගුණපාල ධර්මසිරි විසින් පලකරන ලද පොත්

                             Rs.600.00 - Available


                             Rs.600.00 - Available
                           


No comments:

Post a Comment