Sunday, 17 January 2016

අල්පවාදය යනු කුමක්ද?

ජොශුවා ෆීල්ඞ්ස් මැලිබර්න් සහ රයන් නිකෝඩෙමුස්
ඇත්තටම මේ අල්පවාදය කියන්නේ මොකද්ද? හරිම සරලයි. ඔබට අල්පවාදියෙකු ලෙස ජීවත්වීමට නම් ඔබ සතු දේවල් 100 අවම කළ යුතුවේ. එ් කියන්නේ ඔබට වාහනයක්, ගෙයක්, රූපවාහිනියක්, වෘත්තියක් ඔබට තියාගන්න බැහැ. ළමයි හදන්න බැහැ. ඔබට බොලොග් අඩවියක් තිබිය යුතුය.

නැහැ... ඇත්තටම අපි පොඩි විහිලූවක් කරේ. අල්පවාදය හුදෙක් එක්තරා විලාසිතාවක් ලෙස සළකා බැහැර කරන පුද්ගලයන් ඔවුන්ට කිසිම දිනක අල්පවාදීන් විය නොහැකි හේතු ලෙස දක්වන්නේ ඉහත දැක්වූසීමාවන් ”.

අල්පවාදය යනු මේ කිසිවක් නොවේ. නමුත් ඔබට එය ඉශ්ඨකරගැනීමට හැක. ඔබ අවම භෞතික වස්තූන් සහිතව හෝ වාහනයක්, රූපවාහිනියක් නොමැතිව හෝ ලොව පුරා සංචාරය කරන ජීවිතයක් ගත කිරීමට කැමති නම් එවිට අල්පවාදය ඔබට උපකාර විය හැක. නමුත් අල්පවාදය කියන්නේ එය නොවේ.

අල්පවාදය ඔබට නිදහස ලබා දීමට උපකාරී කරන මෙවලමකි. බියෙන් නිදහස. පීඩාවන්ගෙන් නිදහස. යටකර දැමීමෙන් නිදහස. වරදකාරී බවින් නිදහස. ආතතියෙන් නිදහස. අපගේ ජීවිත ගොඩනඟා ඇති පරිභෝජන සංස්කෘතියේ උගුල් වලින් නිදහස. සැබෑ නිදහස. භෞතික වස්තූන් අයිති කර ගැනීමේ නෛසර්ගික වරදක් ඇතිබව මෙයින් අදහස් කරන්නේ නැහැ. අද, ගැටලූව වන්නේ අප සතු දේවල් වලට අප ලබා දී ඇති අර්ථයයි. අපගේ සෞඛ්, සම්බන්ධතාවයන්, ආශාවන්, පෞද්ගලික වර්ධනය, අපගේ සීමාවන් ඉක්ම යමින් දායක කිරීමට ඇති ආශාව යන සියල්ල අත්හැර යමින් අප සතු දේවල් වලට පමණ ඉක්මවූ අර්ථයන් ලබා දී ඇත.
ඔබට වාහනයක් හෝ නිවසක් අයිති කරගැනීමට අවශ්යද? ඉතා හොදයි. ගන්න. පවුලක් හදාගෙන වෘත්තිමය ජීවිතයක් අවශ්යද? මෙම දේවල් ඔබට වැදගත් නම් එය අපුරුයි. අල්පවාදය හුදෙක් වඩාත් සවිඥණිකව, වාඩාත් විචාරවත්ව මෙම තීරණගැනීමට ඉඩලබා දේ

අගය කළ හැකි වෙනස් ජීවිත ගත කළ සාර්ථක අල්පවාදීන් බොහෝමයක් ඇත. අපේ මිතලියෝ බබාඋටා ළමයින් හය දෙනෙක් සහ බිරිඳක් ඇත. ජොශුවා බේකර්ට තමා අසාකරන වෘත්තියක්, ආදරය කරන පවුලක් සහ සුබූරියාවේ නිවසක් සහ වාහනයක් ඇත. අනෙක් අතට, කොලින් රයිට්ට දේවල් 51ක් අයත් අතර ලොව පුරා සංචාරය කරයි. ටැමී ස්ට්රෝබෙල් සහ ඇගේ සැමියාකුඩා නිවසකජීවත් වන අතර වාහන වලින් නිදහස්ව ජීවත්වේ. මෙම සෑම පුද්ගලයෙකුම එකිනෙකාට වෙනස් ජීවිත ගත කළත් මොවුන් අතර පොදුවේ බෙදාගන්නා කරුණු දෙකක් ඇත. ඔවුන් අල්පවාදීන් . අල්පවාදීබව ඔවුන් අරමුණු - සහිත ජීවිත ගත කිරීමට ඔවුන්ට ඉඩලබා දී ඇත.

නමුත් එකිනෙකට වෙනස් වුවත් මෙම සියලූම පුද්ගලයන් අල්පවාදීන් වන්නේ කෙසේද? නැවතත් අපව මූලික පශ්නය කරා ගෙන යයි. එසේනම් අල්පවාදය යනු කුමක්ද? අප මෙය සරල වාක්යයකට සාරාංශ කළහොත්, අප කියන්නේඅල්පවාදය යනු, වැදගත් කුමක්ද යන්න වෙත අවධානය යොමුකිරීම වෙනුවෙන් ජීවිතයේ අතිරික්තයන් ඉවත්කිරීමට උපකාරී කරන මෙවලමකි. මෙමගින් ඔබට සතුට, තෘප්තිමත් බව සහ නිදහස සොයාගැනීමට හැකිවනු ඇත.

අල්පවාදය අපට මෙසේ උපකාර කර ඇත.
  • අතෘප්තිය තුරන් කිරීමට
  • කාලය නැවත ලැබීමට
  • මෙම මොහොත සමඟ ජීවත් වීමට
  • අපගේ ආශාවන් හබායෑමට
  • අපගේ මෙහෙයන් සොයාගැනීමට
  • ස්වාධීන පුද්ගලයෙකු ලෙස වර්ධනය වීමට
  • සැබෑ නිදහස අත්විදීමට
  • අපගේ සෞඛ් පිළිබඳ අවධානය යොමුකිරීමට
  • වැඩියෙන් නිර්මාණය කර, අඩුවෙන් පරිභෝජනය කිරීමට
  • අපගේ සීමාවන්ට ඔබ්බෙන් දායකකිරීමට
  • අතිරේක දේ වලින් නිදහස් වීමට
  • අපගේ ජීවිතයේ අර්ථය සොයාගැනීමට


අල්පවාදය අපගේ ජීවිත වලට එක්කර ගැනීමෙන්, අපට අවසානයේ බොහෝ කල් පවත්නා සතුටක් සොයාගැනීමට හැකිවී ඇත. අප සැමෝම සොයන්නේ එයම නොවේද? අප සැමටම සතුටින් ජීවත් වීමට අවශ් වේ. අල්පවාදීන් සතුට සොයන්නේ භෞතික දේවල් වලින් නොව, නමුත් ජීවිතය තුලින්මය. එනිසා, ඔබගේ ජීවිතයට අවශ් දේ සහ අතිරේකයන් කුමක්ද යන්න තීරණය කිරීම ඔබ සතු වේ.

අපගේ රචනා වලින් අප දැඩි රීතී හෝ අහඹු ලෙස තේරූ නීති මාලාවක් පිළිපදිනවා වෙනුවට අල්පවාදි ජීවන රමයක් ලඟාකරගත හැකි අදහස් කිහිපයක් ඔබ හමුවේ තැබීමට අදහස් කරනවා.

අවවාදය යි. පළමු පියවරයන් කිහිපය තැබීම පහසු නැත. නමුත් අල්පවාදය කරා ගන්නා ගමන් මග රමයෙන් පහසුවනු ඇත. තවත් ඉදිරියට ගමන් කරන විඩ වඩාත් තෘප්තමත් වනු ඇත. පළමු පියවර ගැනීමට ඔබගේ සිතුවිලි, කිරයාවන් සහ පුරුදු වල තීරණාත්මක වෙනස්කම් අවශ් වනු ඇත. බිය නොවන්න. අපගේ අත්දැකීම්, සාර්ථකත්වයන් සහ පරාජයන් ඔබට උපකාරයක් වීමට සටහන් කර ඇත. අපට අවශ් වන්නේ ඔබට වඩාත් අර්ථාන්විත ජීවිතයකට උපකාර කිරීමටය.

මූලාශරයwww.theminimalists.com

To Read in Englishhttp://www.theminimalists.com/minimalism/

No comments:

Post a Comment