Thursday, 7 January 2016

සොබාදහම් ගොවිතැන - කළ යුත්තේ කුමක්ද?

සධාර්මික නිෂ්පාදකයින්ගේ සාමුහිකය -



අද දවසේ ලෝකයේ අයහපත් තැනක් බවත්, එය වඩාත් යහපත් කල යුතු බවත් විස්තර කිරීම අවශ්‍ය නොවේ. එසේම වෙළ`ද පොලේ තිබෙන අති බහුතරයක් අහාර ද්‍රව්‍ය වලට වස-විස යොදා ඇති බවත් ඒවා විෂ රසායනික ද්‍රව්‍යවලින් දුෂණය වී ඇති  බවත් නැවත නැවත විස්තර කිරීම නිෂ්ඵල දෙයකි.මේවා තේරුම් ගැනීම හෝ විස්තර කිරීම තවදුරටත් අභියෝගයක් නොවේ. අභියෝගය වන්නේ එසේ නම් කළයුත්තේ කුමක්ද? යන්නයි.

වඩාත් යහපත් සමාජයක් අපේක්ෂා කරන සමාජ කි‍්‍රයාකාරීන් හමුවේ පවතින පොදු අභියෝග වන්නේ ගැටඵව සදහා පොදු පිළිතුරක් ගොඩ නැගීමයි.

අයහපත යනු අසමානාත්මකතාවයේ සෘජු ප‍්‍රතිඵලයයි. අයහපත වෙනස්කල හැක්කේ එයට පදනම සපයන හේතුව වෙනස් කිරීමෙන් පමණකි.එනම් සමානාත්මතාවය ගොඩ නැංවීමෙන් පමණකි. මිනිසකු සහ තවත් මිනිසකු අතර සම්බන්ධය සමානාත්මතාවය මත පදනම් වන්නේ නම් පමණකි

අපගේ පොදු පිළිතුර එනම් ”සමානාත්මතාවය” එදිනෙදා මනුෂ්‍ය ජීවිතය පවත්වා ගැනීම සදහා අවශ්‍ය වන නිෂ්පාදනය නම් ක්ෂේත‍්‍රය වෙත ආදේශ කල විට පිළිතුරු වන්නේ නිෂ්පාදන මාධ්‍යන්ගේ(දේපල) පොදු අයිතිය තහවුරු කල යුතු බවයි. එනම් පොදු දේපල ක‍්‍රමයක් ගොඩනැගිය යුතු බවයි. උදාහරණයක් ලෙස ආහාර නිෂ්පාදනය සදහා අවශ්‍ය මාධ්‍ය වන ඉඩම් වල අයිතිය පොදුවේ සමාජය සතුවිය යුතුය.

ආහාර බෝග නිෂ්පාදනය කලහැකි ඉඩම් පොදුවේ සමාජය සතු නම් ආහාර නිෂ්පාදනය සදහා විෂ රසායනික ද්‍රව්‍ය භාවිතා නොකල යුතු බවට ජනතාව තීරණය කරන්නේ නම් අප හමුවේ පවතින එකම අභියෝගය වන්නේ, එසේ නම්” වස-විසෙන් තොරව වගාකල හැකි ක‍්‍රමවේදය කුමක්ද?”යන්නයි. අපගේ දුෂ්කර හා බොහෝ කාලයක් විඩංගු කරන ලද ව්‍යායාමයේදී ඉහත ප‍්‍රශ්නය සදහා අප සොයාගත් පිළිතුර,එනම් අදාල ක‍්‍රමවේදය ගෙනහැර පෑමට අපට අවසර දෙන්න.




එකෝමත් එක කාලයක දවසක් ජපානයේ මිනිසකු තම ගමේ මුහුදු වෙරළට ආසන්න ප‍්‍රදේශයක ඇවිද යමින් සිටියේය. ඔහු එවකට ජපානයේ පැවති කෘෂිකර්ම පර්යේෂණ ආයතනයක ඉහල තනතුරක් දැරීය. එදවස ඔවුන්ගේ අභිප‍්‍රාය වුයේ ජපානයේ වී වගාවට විශාල වශයෙන් හානිකල සුළි සුළං (හරිකේන්) වලට ඔරොත්තු දෙන වී ප‍්‍රභේදයක් වැඩිදියුණු කරන්නේ කෙසේද? යන්නයි.එ් අනුව සුළි සුළංවලට ඔරොත්තු දෙන ලෙස ශක්තිමත් කදන් සහිත වී ප‍්‍රභේදයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ ඉලක්කය විය. මෙසේ ඇවිද යන ෆුකොකොවාගේ නෙත ගැටුනේ නිරන්තරයෙන් මුහුදු සුළගට විවෘත වු කදු බෑවුමේ ගල් අතර වැවී තිබුණු ගොයම් ගස් කිහිපයකි. ඔහුගේ අවබෝධයට අනුව එවැනි සුළං මුහුණතක කෙසේවත් ගොයම් ගස් සුළගින් විනාශ නොවී පැවතිය නොහැකිය.ඔහු වහාම එම ගොයම් ගස් වෙත ගොස් පරීක්ෂා කර බලන ලදී. එවිට ඔහුට දක්නට ලැබුනේ ඔවුන් පරික්ෂණාගාරය තුළ සැලසුමට අදාල සුළි සුළං තත්වය ඔරොත්තු දෙන ලෙස ගොයම් ගසේ කදක තිබිය යුතු සියඑ ම ලක්ෂණ ඉතා හොදින් මෙම ගොයම් ගස්වල තිබුණු බවයි. ඔහුට පුදුම නොවී සිටිය නොහැකි විය . ගොයම් ගස අදාල පාරසරික තත්වය සදහා හොදින්  අනුවර්තනය වී තිබුණි. විද්‍රාගාරය තුළ කිසිවක් කලයුතු නොවීය. ඔහු එම සත්‍ය වටහා ගත්තේය. පසු කලෙක විද්‍ර්‍යා පර්යේෂණ ආයතනයේ තමා දැරූ තනතුරු වලින් ඉල්ලා අස්විය. ඔහුගේ සමීපතමයින් මහත් විමතියක් පලකරමින් එසේ නොකරනමෙන් ඉල්ලා සිටියේය. එහෙත් තම අවබෝධය මත විශ්වාසය තැබු ෆුකකොවා ඉල්ලා අස්වී තම ගම් ප‍්‍රදේශයේ තම පියාගේ ගොවිපලේ කටයුතු ආරම්භ කළේය.



ඔහු තම ගොවිපල තුළ සොබාදහමට ඉඩ හැරියේය. බෝග වගාවට නිදහසේ වැවීමට ඉඩ සැලසුවේය. ඔහුගේ මුලධර්මය වුයේ තණකොල ගසක්වත් උදුරා නොදමන්න යන්නයි. ඔහු තම වගා ක‍්‍රමය ”භ්එමර්ක ේරපසබට” යනුවේන් නම් කලේය. මෙහිදී භාහිර යෙදවුම් අවම මට්ටමක  තබාගනිමින් සොබාදහමේ රිද්මයට අනුකූලව බෝගවගාවන්ට වැඞීමට සලස්වන ලදී. මෙම ක‍්‍රමය  තුළින්  විශාල සාර්ථකත්වයක් ලබාගත හැකි බව ඔහු පෙන්වා දුන්නේය. ඉන්පසු තම අවබෝධය බෙදා හදා ගනිමින් ලොව වටා සංචාරය කළේය.

මෙසේ ෆුකකොවා ඉන්දියාවට පැමිණි අවස්ථාවක ඔහුගේ වැඩසටහනකට සහභාගී වීම සදහා”සුභාෂ් පලේකාර්” නැමැති සාමාන්‍ය ගොවිමහතෙකු පැමිණ සිටියේය. පසුකලෙක සුභාෂ් පලේකාර් මෙම අවබෝධය ඉන්දියාවේ සාම්ප‍්‍රදායික දැනුම සමග මුසුකර අති සාර්ථක වගා ක‍්‍රමයක් හදුන්වා දුන්නේය.එය අද සොබාදහම් ගොවිතැන ලෙස හදුන්වයි. මෙම ක‍්‍රමය පොතක් තුලින් අත් දැක, අප එය අවුරුදු කිහිපයක් අපගේ වගාබිම් තුළ අත්හදා බැලූවෙමු. එය ආශ්චර්යමත් ප‍්‍රතිඵල අපවෙත ලබාදුන්නේය. අපගේ  මුලික ප‍්‍රශ්නය වන ක‍්‍රමවේදය කුමක්ද? යන ප‍්‍රශ්නයට පිළිතුරු ලෙස අප එය ඔබ හමුවේ තබන්නෙමු.


                                                      සොබාදහමේ ගොවිතැන

මෙම වගා ක‍්‍රමයේ මුලධර්මය වන්නේ ශාඛයක් වැඞීමට අවශ්‍ය සියඵම පෝෂණ පදාර්ථ ශාඛයේ මුල්විහිදෙන ප‍්‍රදේශයෙන් ලබාගත හැකි බවත් පිටතින් කිසිවක් යෙදීම (උදා:රසායනික පොහොර, කාබනික පොහොර) අනවශ්‍ය බවයි. මෙම ක‍්‍රමයේදී සිදුකරණු ලබන්නේ ශාඛය වැඞීමට අවශ්‍ය කරන ආකාරයට පොළව සාරවත් කිරීමයි. ඒ සදහා අවශ්‍ය වන්නේ, පසේ ප‍්‍රමාණවත් ලෙස ක්ෂද්‍ර ජීවීන්, ගැඩවිලූන් වැනි වගාවට හිතකර ජීවීන් වර්ධනය වියහැකි වතාවරණයක් වගාබිම තුළ ගොඩ නැගීමයි. මෙය ”මහපොළව සුවපත් කිරීම” ලෙස හැදින්විය හැකිය.

වගාවට හිතකර පාංශු ජීවින්ට වර්ධනය විය හැකි වතාවරණයක් ඇති කිරීමට නම්,

1. පොළව ගැඹුරට නොපෙරලන්න.
2. ගිනි තබන්න එපා.
3. ජීව මෘත භාවිතා කරන්න.
4. වසුනක් යොදන්න.

මෙම සරල ක‍්‍රමවේද කිහිපයක් භාවිතා කිරීම මගින් ගොවිබිම ඉතාකෙටිකලක් තුළ සාරවත් කළ හැකිය.මෙම එක් එක් ක‍්‍රමවේද වෙන වෙනම සලකා බලමු.

1. පොළව ගැඹුරට නොපෙරලිය යුතුය.


        බෝගයකට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ උරාගනු ලබන්නේ මතුපිට අගල් 4ක් පමණ ගැඹුරට වන පස්තට්ටුවෙන් පමණකි. ශාඛයේ පෝෂ්‍ය පදාර්ථ උරාගනු ලබන මුල් ගමන් කරනුයේ මෙම කලාපයේය. මේ නිසා වගාකල යුත්තේ අගල් 4ක් පමණ වන මතුපිට පස්තට්ටුවේ පමණකි. පොළව ගැඹුරට පෙරලීමෙන් මෙම හිතකර වතාවරණය විනාශ වන අතර එයින් ප‍්‍රයෝජනයක්ද නැත.

2. භූමිය ගිනිතබන්න එපා.

ගිනි තැබීම මගින් මතුපිට කොළරොඩු තට්ටුව හා හියුමස් තට්ටුව විනාශ වී යයි. එමෙන්ම පාංශු ජීවීන්ද විනාශ වේ. මේ නිසා මෙම ක‍්‍රමයේදී කිසිදු පිටත ගිනි තැබීම් භාවිත නොකරයි.


3. ජීවමෘත භාවිතා කරන්න.


පොළව ගැඹුරට හෑම, සොදා පාඵව, විෂ රසායන ද්‍රව්‍ය යෙදීම මගින් පසේ සිටි ක්ෂුද්‍ර ජීවීන් විනාශ වී පසේ සාරවත් භාවය විනාශ වී ගොස් ඇත. වගාබිම නැවතත් ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ගහන සාරවත් බිමක් බවට පත්කල හැකි ඉක්මන් ක‍්‍රමවේදය වන්නේ ජීවමෘත යොදා ගැනීමයි. ජීවමෘත යනු වගාවට හිතකර ක්ෂුද්‍ර ජීවීන්ගේ මිශ‍්‍රණයකි. ජීවමෘත එක් මිලි ලීටරයක ක්ෂුද්‍ර ජීවීන් කෝටි සංඛ්‍යාත ප‍්‍රමාණයක් අඩංගුවේ. අප වගාබිම මත මෙම මිශ‍්‍රණය යෙදුවිට එම ක්ෂුද්‍ර ජීවීන් පසේ තිබෙන  ශාකවලට උරාගත නොහැකි මට්ටමේ පවතින පෝෂක ද්‍රව්‍ය උරාගත හැකි තත්වයට පත්කරයි. එසේම පොළව මතුපිට ඇති ශාඛ කොටස් දිරාපත් වීම වේගවත් කර පසට අවශ්‍ය පෝෂණය (හියුමස් තට්ටුව) ලබාදෙයි.

.
ජීවමෘත සාදාගන්නා පිළිවෙල -  අක්කර 01 සදහා එක් වරකට

x දේශිය එළ හරක් ගොම - 10kg
x ගවමුත‍්‍ර ලීටර් - 10
x මුං ඇට පිටි - 2kg
x සක්කර හකුරු හෝ දුඹුරු සීනි  -2kg
x පොළව සාරවත් තැනකින් ලබාගත් පස් දෝතක්. (කුඹුර සඳහා කුඹුරේ පස් යොදාගත යුතුය)
x ජලය ලීටර 200 යි.


ජලය ලීටර් 200 ක් ප්ලාස්ටික් බැරලයකට පුරවා ගන්න. එයට අනෙකුත් ද්‍රව්‍ය කලවම් කරන්න, මෙම මිශ‍්‍රණය සෙවන සහිත ස්ථානයක තබන්න. දිනකට දෙවරක් තුන්වරක් හොදින් කලතන්න. පැය 48 ක් එනම් දින 02ක් අවසානයේ ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ගහන ජීවමෘත අපට ලැබේ. මෙම ලීටර් 200ක ප‍්‍රමාණය අක්කර 01 ක වගාබිමක් සදහා වරකට සෑහේ

ජීවමෘත යොදන ආකාරය.


ජීවමෘත ජලයට කලවම් කර හෝ කෙලින්ම හෝ වගාබිම හොදින් තෙමෙන සේ විසුරුවා හරින්න. ඉන්පසු වසුනකින් ආවරණය කරන්න.උදාහරණයක් ලෙස එළවඑ වගාව සදහා එක් පාත්තියක් සකස් කරන අයුරු සලකා බලමු.

මුලින්ම මතුපිට තණකොල උදඑගා ඉවත් කරන්න. මුල්වරට බිම සකස් කරන විට පසට අවම හානියක් සිදුවන සේ පොළව සමතලාකර පාත්ති සකස් කර ගන්න. ඉන්පසු උදැල්ල හෝ උදඑ මුල්ලූව භාවිතා කර මතුපිට පස නොපෙරලා බුරුල්කර ගන්න. දැන් ජීවමෘත (ජලය සමග 1:3 පමණ මිශ‍්‍රකර) පාත්තිය තෙමෙන සේ මතුපිටට ඉසින්න. ඉන්පසු දිරාගිය කොළරොඩු පරඩැල් වැනි වසුනකින් ආවරණය කරන්න. ඊට උඩින් ගිලිඩිසීරියා (වැටමාර, මකුලත) වැනි කොල තට්ටුවක් යොදන්න. පාත්තිය වටේ කානුව සූරා ලබාගත් පස් සිහින් තට්ටුවකින් වැසෙන සේ මෙම වසුනට උඩින් විසුරුවා හරින්න. මෙම පාත්තිය දවස් 21 ක් ගිය පසු පැල හෝ බීජ සිටුවීම සදහා සුදුසු මට්ටමට සකස් වේ. (නියගය පවතී නම් පමණක් වරින් වර ජලය යොදන්න) ඉන් පසු සෑම සති දෙකකට හෝ උපරිම ලෙස තුනකට වරක් ජීවමෘත නොකඩවා යෙදිය යුතුය.
ජීවමෘත යොදන සෑමවිටකම වසුනකින් ආවරණය කිරීම අත්‍යාවශ්‍ය වේ. මක්නිසාද යත් මෙම ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වන්නේ, අදුර, තෙතමනය හා උණුසුම හොදින් පවතින්නේ නම් පමණකි. එසේම හිරු එළිය හමුවේ ඔවුන් විනාශ වේ. මේ නිසා ජීවමෘත යොදන වගාවක පොළව කිසිදු විටක නිරාවරණය වී නොතිබිය යුතුයි. මේ නිසා වසුනක් යෙදීම මෙම වගා ක‍්‍රමයේදී අත්‍යාවශ්‍ය කාරණයකි.

වසුන් යෙදිය හැකි ආකාර

1. වියළි ශාඛ කොටස් මගින් වසුන් කිරීම.

මෙහිදී වියලි කොළරොඩු, පරඩැල්, පිදුරු වැනි ශාඛ කොටස් භාවිතා කරයි.

2. සජීවී වසුන්.


මෙහිදී ප‍්‍රධාන බෝග වගාවට යටින් පොළව ආවරණය වන සේ අතුරු බෝග වගාකරනු ලබයි. එසේ අතුරු බෝග වගා කල නොහැකි වීට තණකොල හෝ තිබෙන්නට හැරිය යුතුය. තණකොල වගාවට හානිකර මට්ටමට වර්ධනය වන විට කොටවන සේ කපා දමන්න.

3. පාංශු වසුන් කිරීම.

මෙහිදී ජීවමෘත යොදා ඉන්පසු වගාවේ පේලි දෙකක් අතර නගුලකින් හෑම දැක්විය හැකිය. පස ගැඹුරට නොපෙරලීමට වගබලාගත යුතුය.

වී වගාව වැනි වසුනක් යෙදිය නොහැකි වගාවන්හිදී පොළවේ තෙතමනය යන්තම් පවතින අවස්ථාවක භූමිය පුරා විසිරී යන ලෙස ජීවමෘත විසුරුවා හරින්න. (ඉසින්න) සවස් කාලයේ මෙය සිදු කිරීම වඩාත් සුදුසුයි. එසේම කුරුදු, තේ වැනි සෙවන සහිත වගාවක පේලි දෙකක් අතර පොළව මතුපිට පවතින තණකොල කොළරොඩු තට්ටුව උදැල්ලකින් මදක් ඉවත් කර ජීවමෘත විසුරුවා හැර නැවතත් එම කොළරොඩු මුලින් තිබුන ලෙසට පේලිය අතරට ඇද දැමීම මගින් ඉතා පහසුවෙන් මෙම ක‍්‍රමය අනුගමනය කල හැකිය. කුරුදු වැනි වගාවක පවතින කොළරොඩු තට්ටුව නිසා ජීවමෘත ඉතාමත් හොදින් කි‍්‍රයාත්මක වී ඉතා උසස් ප‍්‍රතිඵල ලබාදේ.
සුභාෂ් පලේකාර් පවසන ලෙසටම මෙය ආශ්චර්යමත් දෙයකි. ලෝක පුදුම ගැන ඔබ අප කවුරුත් අසා තිබේ. මෙයත් ලොව මුහුණ දුන් බරපතල ගැටඑවකට සොයා ගත් ලෝක පුදුමයක් ආකාරයේ විසදුමකි. ඔබත් මෙය අත්හදා බලා අවබෝධ කර ගන්න. ඔබට හැකි සෑම මනුෂ්‍යයෙකුටම කියා දෙන්න. අනුගමනය කිරීමට සහයෝගය දෙන්න.




කොහොඹ සත්කාරය

වගාවට යම්කිසි කෘමි උවදුරක් ඇති වුවහොත්

(උදා :- වී වගාවේ ගොයම් මැස්සා, කීඩෑවා, කොල හකුලන දලඹුවා වෙනත් වගාවල පිටි මකුණා)
ඒ සදහා පහත මිශ‍්‍රණය සකස් කර භාවිතා කරන්න.

x වතුර ලීටර් 100 ක් ගන්න. (ප්ලාස්ටික් බැරලයකට)
x දේශීය එළගව මුත‍්‍ර ලීටර් 5 ක් ඊට එකතු කරන්න.
x දේශීය එළගොම 5 kg ක් ඊට එකතු කරන්න.
x කොහොඹ කොල 5 kg ක් අඹරා එය මෙම ද්‍රාවණයේ දියකර ගන්න.
x මෙම මිශ‍්‍රණය පැය 24 ක් පැසීමට තබන්න. (කිහිපවරක් හොදින් කලවම් කරමින්)
x මිශ‍්‍රණය රෙදි කැබැල්ලකින් (මදුරු දැලකින්) පෙරා දියර ඉසිනයකින් භෝගය තෙමෙන සේ ඉසින්න. (සවස් කාලයේදී නම් වඩාත් සුදුසුයි)


දශපත‍්‍ර කෂාය

මෙහිදී කොහොඹ කොල 5 kg වෙනුවට



  1. වරාකොළ
  2. කොහොඹ කොළ
  3. වෙල් කදුරු කොළ
  4. කැප්පෙටියා කොළ
  5. කටු අනෝදා කොළ
  6. අරලිය කොළ
  7. ගදපාන කොළ (ලැන්ටානා)
  8. ගිලිඩිසීරියා කොළ
  9. කුරුදු කොළ
  10. වල් සූරියකාන්ත කොල
  11. නික කොළ
  12. ගම්මිරිස් කොළ


වැනි කෘමි විකර්ෂක ගතිගුණ සහිත කොළ වර්ග 10 ක් (එක වර්ගයකින් 3 kg පමණ - ලබාගත හැකි වර්ගවලින් පමණක්) අදාල ප‍්‍රමාණවලින් ගෙන කුඩාවට කපා වංගෙඩියක කොටා ගන්න. මෙම මිශ‍්‍රණය (පල්පය) හාල් බෑගයක දමා කට ගැටගසා ඉහත ගොම, ගවමුත‍්‍ර හා වතුර ලීටර් 100 තුල ගිල්වා තබන්න. දිනකට දෙවරක් පමණ කලතමින් සතියක් පමණ පල්කර ගන්න. මෙම මිශ‍්‍රණයෙන් ලීටර් 5 ක් පමණ ලීටර් 16 දියර ඉසින ටැංකියට දමා ඉතුරු ප‍්‍රමාණය වතුර කලවම් කර භෝගය මතට ඉසින්න. (වී වගාවේදී ගොයම් මැස්සා සදහා මෙම මිශ‍්‍රණය සාර්ථක ප‍්‍රතිඵල ලබාදුනි).





No comments:

Post a Comment