Sunday, 10 May 2020

හැදින්වීම


   


 අප අද ජීවත්වෙමින් සිටින්නේ, ලාභය, පුද්ගලික අභිවෘද්ධිය සහ තරඟකාරීත්වය තම ජීවිතයේ ප‍්‍රමුඛතම ආචාරධර්මය කරගත් ආර්ථික රටාවක් තුළයි. මේ මොහොත වන විට මෙම ජීවන ක‍්‍රමය ගෝලීය වශයෙන් අති දරුනු පාරිසරික, සාමාජීය සහ අධ්‍යාත්මික අර්බුධයකට මිහිතලය අභිමුඛ කර ඇත. මිහිතලයේ මූලික කොන්දේසීන් වන ජලය, වාතය, මහපොළව පෙර නොවූ විරූ ලෙස දුශනයවීමෙන් එහි වෙසෙන ජීවීන් අතිමහත් බහුතරයක් ලෙඩුන් බවට පත්කොට ඇත.
     වායු දුශණය, කෘෂි රසායන, න්‍යෂ්ටික අපද්‍රව්‍ය වැනි වස විස මහපොළවට මුසුවීමෙන් හඳුනා නොගත් රෝග නිසා මිය යන ප‍්‍රමාණය ගෝලීයව සීග‍්‍රයෙන් ඉහළ යමින් පවතී. ලාභය උපරිම කරගැනීමේ අරමුණින් හඳුන්වාදුන් ජාන වෙනස්කරන ලද ආහාර විශේෂයෙන් දරුවන්ගේ ශරීර වලට අනිසිවිදියට බලපාන බව විද්‍යාඥයින්ගේ අදහසයි. අසීමාන්තිකව පොසිල ඉන්ධන භාවිතය නිසා ගෝලීය උශ්නත්වය ඉහළ යාමත්, එනයින්, උත්තර සහ දක්‍ෂිණ ද්‍රවයන්ගේ අයිස්කඳු දියවීයෑමේ ප‍්‍රතිපලයක් ලෙස මුහුදු මට්ටම ඉහළ යෑම විශාල තර්ජනයක් බවට පත්වී ඇත.
     එනයින් මනුශ්‍යයා යනු තමාගේ අවිඥනික භාවිතයේ ප‍්‍රතිපලයක් වශයෙන්, දැවැන්ත වෙළ`ඳපලක් තුළ හුදු පරිභෝජනවාදියෙක් බවටත්, අසමතුලි වූ සොබාදහමක ප‍්‍රාණ ඇපකරුවෙකු බවටත් පත්ව ඇත. තවදුරටත් අපට මෙසේ ගමන්කළ නොහැක. තමාවත්, තමාගේ දිගුවක් වන සොබාදහමත් නසන ස්වයං විනාශකාරී ආර්ථික රටාවක් වෙනුවට ජීවිතය ප‍්‍රමුඛ කරගත් තිරසාර ජීවන රටාවකට විතැන්වීම මේ මොහොතේ අනිවාර්යයකි.
     අපගේ විශ්වාසය නම්, සමාජ සාධාරණත්වය, අනයෝන්‍ය ගරුත්වයෙන් යුත් තිරසාර ජීවන රටාවක් වෙතට විතැන්වීමට නම් ගෝලීයව මිනිස් සවිඥනිකත්වයේ පරිවර්තනයක් සිදුවිය යුතුු බවයි. එය අප වෙනුවෙන් සපුරන්නෙක් තවදුරටත් හමු නොවනු ඇත. එ් සඳහා අපිට අපි සමඟත්, සොබාදහම සහ අනෙකා සමගත් දක්වන සම්බන්ධය වෙනස් කරගැනීමට වෙහෙස වීමට සිදුවනු ඇත. එය අපගේ එදිනෙදා ජීවිතයේම කොටසකි.
      අපගේ අරමුණ ඔබගේ එම අරගලයට අවශ්‍ය දැනුම, තොරතුරු, ද්‍රව්‍ය, භාවිතයන් සහ ජාලගතවීම් සදහා පහසුකම් සලස්වන්නෙකු ලෙස කටයුතු කිරීම යි.
මෙම වෙබ් අඩවිය ඔබගේද වැඩබිමයි. මෙම අවකාශය තුළ ඔබගේ මැදිහත්වීම අපි නිරන්තරයෙන් අපේක්‍ෂා කරන්නෙමු. අනාගතය විවෘත මාවතකි. ජීවිතය මේ මොහොතේ දී පමණක් මුණගැසේ.

Wednesday, 22 April 2020

Walk With Wayo සාමුහිකය විසින්සො බාදහම් පාසැලේ පවත්වන ලද ශක්ති අභ්‍යස පුහුණු වැඩසටහන













සටන් කලාවේ සැබෑ භූමිය කරා - 3 වන කොටස


   



             16 වන ශත වර්ෂයේ දී භාණ්ඩ නිෂ්පාදන ක‍්‍රියාවලිය යන්ත‍්‍ර සූත‍්‍ර විසින් බාර ගත් පසුව නිෂ්පාදනයෙහි ලා ශාරීරික මැදිහත්වීම අවම වීම ආරම්භ විය. පසුගිය වර්ෂ 500 පුරාවට අප දැක්කේ මනුෂ්‍යයා කායික ශ‍්‍රමයෙන් මානසික ශ‍්‍රමයට විතැන් වීමයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මිනිස් පරිණාමයෙහි ලා ”දෑත” කළ කාර්යභාරය පසුපසට යමින් මිනිස් මනසෙහි ක‍්‍රියාකාරිත්වය අධිනිෂ්චය වීමයි. එහි කූට ප‍්‍රාප්තිය සටහන් කරන්නේ ස්මාර්ට් ෆෝනයයි. මනස විසින් ගොඩනගන ලද එම ලෝකය වර්තමාන මිනිසා විසින් භුක්ති විඳිමින් සිටියි.

            ශරීරය පද්ධතියක් ලෙස සලකා බැලූවහොත් එම පද්ධතිය වඩා කාර්යක්‍ෂමව ක‍්‍රියාත්මක වන්නේ සමතුලිතතා මූලධර්මය මත ය. යිං-යාං සංකල්පයෙන් ද සාකච්ඡුා කෙරෙන්නේ මෙයයි. එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ ස්වභාවයන්ගේ අන්‍යෙන්‍ය පැවැත්මයි. මිනිසාගේ මනෝ-කායික පද්ධතියෙහි සමතුලිතතාවය බිඳුනහොත් මිනිස් කි‍්‍රයාකාරිත්වය ආබාධිත වෙයි. ඓතිහාසිකව සිදු වී ඇත්තේ ද එයයි. එනම් ද්විත්ව ස්වරූපයන්ගේ සමතුලිතතාවය, අන්‍යෙන්‍ය ක‍්‍රියාකාරිත්වය වෙනුවට, එක් අර්ධක් අධිනිෂ්චය වීමයි. එනම් කය පරයා මනස ඉදිරියට ඒමයි. එමගින් ඇති කරන ලද අසමතුලිතතාවය විශ්වීය ය. මක්නිසාද අප ජීවත්වන්නේ එකිනෙකට බද්ධ වූ  interconnected)  පද්ධතියක් තුළ නිසාවෙනි.




          මෙම ස්මාර්ට් ලෝකය පෙනෙන තරම් ස්මාර්ට් නැත. අධික ලාභය විසින් පොළඹවනු ලබන මෙම සමාජ ක‍්‍රමය විසින් සියළු පෘථිවි සම්පත් අධි තාක්‍ෂණික යන්ත‍්‍ර-සූත‍්‍ර හරහා මෙගා වෙළඳසල්වල රාක්ක මතට රැුගෙනවිත් ඇත. මෙම පරිභෝජනවාදී සමාජයෙහි අධි නිෂ්පාදනය තව දුරටත් සීමිත සම්පත් ඇති පෘථිවියට දරාගත නොහැක. ඇමරිකානු සිහින ජිවිතය පෘථිවියෙහි ජිවත්වන සියල්ලන්ම අත්පත්කරගැනීමට ගියහොත් පෘථිවි සම්පත් මෙන් 4 ගුනයක් අවශ්‍ය බව ප‍්‍රකාශ වෙයි. එ් වගේම අපි දැනටමත් මානව පරිනාමයේ කිසිදු වකවානුවක අද්නොවිදි සුඛෝපභෝගීම ජිවිත ගතකරන්නන් (සමාජ මට්ටම කුමක් වුවද?* බවට පත්ව සිටිමු . ඉනුත් සියයට 1ක් වැනි සුලූ ප‍්‍රතිශතයක් පෘථිවි සම්පත් වලින් සියයට 45 ක් බුක්තිවිදියි. සමාජයෙන් මෙන්ම පරිසරයෙන්ද මිනිසාව ඈත් කරන මෙම අධි පරිභෝජනීය ජිවන ක‍්‍රමය පෘථිවියට මෙන්ම මිනිස් සිරුරට ද දරා ගත නොහැක.

           මෙම සත්‍යය සියළු සමාජ, ආර්ථික, දේශපාලනික සහ අධ්‍යාත්මික නිර්නායක මොනවට කියාපායි. බෝ නොවන රෝගවලින් අප සමාජයෙහි අති විශාල ප‍්‍රමානයක් පීඩා විඳියි. රෝහල් සහ චැනල් සේවා රෝගීන්ගෙන් පිරී ඇත. කුඩා ළමුනට පවා පිලිකා, හෘදරෝග, වකුගඩු ආබාධ වැළඳී ඇත. ආයු කාලය කෙටි වී, දරා ගැනීමේ හැකියාව හීන වී, ආතතිය ස්වභාවික, වී ඇත. පහසුව සහ විනෝදය ආගම බවට පත් වූ සමාජයක ශරීරය පච්චයක් කොටා ප‍්‍රදර්ශන භාණ්ඩයක් බවට පත් කරනවාට වඩා වැඩි යමක් පෙනෙන්නට නොමැත.
මෙසේ කඩාවැටෙමින් තිබෙන සමාජයකට ශක්ති අභ්‍යාස කලාවකට කලහැක්කේ කුමක් ද? එය තේරුම්ගැනීමට නම් අප නිර්මානය වී ඇත්තේ කෙසේ දැයි තේරුම් ගැනීම වැදගත් වේ. පෙරදිග විද්‍යාවන්ට අනුව ශරීරය කොටස් 5 කට බෙදා හදුනාගනු ලබයි.



                                                      1. භෞතික ශරීරය - Annamaya Cosha – Physical Body
                                                      2. මානසික ශරීරය - Manomaya Cosha – Mental Body
                                                      3. ශක්ති ශරීරය - Pranamaya Cosha – Energy Body
                                                      4. බුද්ධි ශරීරය - Vigyanamaya Cosha – Intellectual Body
                                                      5. ආනන්දමය ශරීරය -Anandamaya Cosha – Bliss Body 

මෙහිදී භෞතික ශරීරය ලෙස හදුනාගන්නේ අස්ථි, රුධිරය, මාංශපේශින් ගෙන් සමන්විත ශරීරයයි. එය ගොඩනැගී ඇත්තේ ආහාර වලින් නිසා ආහාර ශරීරය (ත්‍දදා ඊදාහ* ලෙසද හදුන්වයි. මනස ද සැලකෙන්නේ ශරීරයක් ලෙසයි. අප ශරීරයෙහි ෙසෙයිල ටි‍්‍රලියන 50 ක් පමන ඇත. මේ හැම ෙසෙලයක් තුලම තොරතුරු සහ මතකයන් ගැබ් වී ඇත. මෙම තොරතුරු සහ මතකයන් විවිධාකාරයෙන් භාවිතා කිරීමට හැකි අතර එය දැනගත් විට තමාව පරිවර්ථනය කර ගැනීම සදහා විශාල අවකාශයක් උදාවෙයි. කය සහ මනස තිබු පමණින් එය කි‍්‍රයාත්මක නොවෙයි. එය කි‍්‍රයාත්මක කර ගැනීම සදහා ශක්තිය අවශ්‍යය. ශක්ති ශරීරයෙහි ශක්තිය ගමන් ගන්නා මාවත් 72,000 ක් ඇත. එ්වා ”නාඩි” යන නමින් හදුන්වයි. ශක්ති ශරීරයෙහි නාඩි මධ්‍යස්ථාන නොහොත් චක‍්‍ර 114 හදුනා ගෙන ඇත. යින් 7 ක් ප‍්‍රධාන කොට සලකයි. මෙම ශරීර තුනම පංච ඉන්දාියයන්ට හසුකරගත හැකි නිසා එ්වා භෞතික ගනයෙහිලා සැලකෙයි. විග්ඥණ නොහොත් විශේෂ ඥණ එනම් පංච ඉන්දාියයන්ගෙන් ලගාකරගත නොහැකි නමුත් වෙනත් මාර්ග වලින් ලබාගත හැකි ඥණ විග්ඥණමය කෝෂයයි. මෙය භෞතික ශරීරයත් භෞතික නොවන ශරීරය ලෙස සැලකෙන ආනන්ද ශරීරයත් අතර සංක‍්‍රාන්ති ශරීරයක් ලෙස කි‍්‍රයාත්මක වෙයි. මෙම ශරීරය භෞතිකයෙන් ඔබ්බෙහි තිබෙන නිසා භාෂාවෙන් විග‍්‍රහ කිරීම අපහසුය. නමුත් එම තලය ස්පර්ශ කරනවිට ”ආනන්දය” අද්දැකිය හැක.
ඉන්දියානු යෝග විද්‍යාවට අනුව ශරීරය හදුනාගන්නේ ඉහත පරිදිය. චීන යෝග වලට අනුව ශක්ති ශරීරයෙහි ප‍්‍රමුඛකොට සලකාබලනේ කුමක්දැයි ඊලග ලිපියෙන් සාකච්චා කරමු.

රුවන් බස්නායක

Monday, 6 April 2020

2019- 10- 29 දින ගම්පහ මොරගොඩ ප්‍රජා ඉගෙනුම් මධ්‍යස්ථානයෙහි වර්ෂාවසාන ප්‍රදර්ශනයේදී එහි යෝගා පාඨමාලාව හදාරනු ලබන සිසුන් විසින් ඉදිරිපත් කරන ලද යෝගා සංදර්ශනය