පෝශණයේ වෙනස්කම් ලාබාල වේගයෙන් වැඩෙන ශරීර තුළ
විශාල ව්‍යුහාත්මක සහ කි‍්‍රයාකාරීමය බලපෑමක් ඇති කරයි. තරුණ පුද්ගලයන් ගන්නා ආහාරවලින්
බොහෝමයක් ඉන්ද්‍රියන් සහ පටක ගොඩනැගීමට පරිවර්තනය වන අතර වැඩිහිටියන්ගේ ආහාර බොහෝමයක්
ශක්තිය ලෙස පරිවර්තනය වී එය මේදය ලෙස තැන්පත් වේ.
ජානමය විකරණය ආහාරවල පෝශණ ගුණයන් මත අනපේක්‍ෂිත හානිකර වෙනස්කම්
ඇති කළ හැකි බවට අනතුරු හඟවන එක්සත් රාජධානියේ රාජකීය සමාජය, ළදරුවන්ට, කිරිදෙන මව්වරුන්ට සහ ගැබිනියන්ට
ආහාරයට දීමට පෙර ජාන විකරණය කළ ආහාරවලින් ඇතිවිය හැකි සෞඛ්‍යමය බලපෑම් තදින් පරීක්‍ෂණය
කරන ලෙසට නිර්දේශ කර ඇත. පෝශණ සංයුතියේ කුඩා වෙනස්වීමක් පවා ළදරු බද්දය (infant bowel function) මත බලපෑම් කළ හැකි
බව වසංගත රෝග විශේෂඥ එරික් බර්නර් ලියයි.
දරුවන් ගැටලූ වලට මුහුණ පෑමේ වැඩි නැඹුරුවක් ඇත.
2002 පිව් ආහාර සහ ජෛව තාක්‍ෂණ ආයතනය (Pew Initiative of Food and Biotechnology) විසින් සකස් කරන ලද වාර්තාවේ
සඳහන් වන ආකාරයට වැඩිහිටියන්ට වඩා තුන්, හතර ගුණයකින් ආසාත්මිකතාවයන්ට
දරුවන් භාජනය විය හැකි අතර "ආහාර ආසාත්මිකතාවයන් ගෙන් මිය යෑමේ ඉහළ අවදානමක්ද ඇත". ආහාර වලින් හමුවන නව ආසාත්මිකාරකයන්ට, අවුරුදු 2
කට අඩු ළදරුවන් දක්වන ප‍්‍රතිකි‍්‍රයාවන්
ප‍්‍රමාණය ඉහළ වේ. ඉතාම කුඩා ආසාත්මිකාරකයන්ට පවා සමහර විට ප‍්‍රතිකි‍්‍රයාවන් ඇති
කළ හැක. EPA ට අනුව මෙම සංවේදීතාවට
හේතු වන්නේ "සාමාන්‍ය මුහුකුරා ගිය බඩවැලක නොකැඩුනු බාධකයක් මෙන් නොව
නොමේරූ බඩවැලක් හෝ පරාගම්‍ය ශ්ලේෂ්මල අපිචදය (permeable mucosal epithelium) විසින් විශාල අනුක ප‍්‍රවාහනයට
සහ ප‍්‍රතිශක්තීකරණ පද්ධතියට ඉඩදීමට වැඩි ඉඩක් ලබා දීමයි... ප‍්‍රතිශක්තීකරණ පද්ධතියද
ප‍්‍රමාණවත් ලෙස මුහුකුරා ගොස් තිබිය යුතු ය...
වයස අවුරුදු 3 සිට 5 දක්වා කාලය තුළ පද්ධතීන් දෙකම ප‍්‍රශස්ත ලෙසින් කි‍්‍රයා
කරන සේ පෙනී යයි".
කැනඩාවේ රාජකීය සමාජයට අනුව "ළදරු ආහාරද ඇතුළුව, කල්තබා ගන්නා ආහාර සහ ප‍්‍රධාන
ආහාර ලෙස ජානමය විකරණ ආහාර නිශ්පාදන භාවිතය පැතිරීමේ විභවය නිසා සෘජුව හෝ මව්කිරි හරහා
ආහාරයට ගැනීමෙන්, ළදරුවන් ගොදුරු කරගත හැකි මෙම නව ප්‍රෝටීන හඳුන්වාදිය හැක".
එක්සත් රාජධානියේ රාජකීය සමාජය "විශේෂයෙන්ම ළදරුවන් වැනි
ඉහළ-අවදානම් කණ්ඩායම් සඳහා සමස්ථ ආසාත්මිකතා සඳහා ආරක්‍ෂණ උපායක් ලෙස පශ්චාත් අලෙවි
පරීක්‍ෂණ" යෝජනා කළද "ජානමය විකරණය කළ ආහාර සඳහා
එවැනි අධීක්‍ෂණයක්" කිරීමේ ප‍්‍රායෝගිකතාවය පැහැදිලි නැති බවද පිළිගත්තේ ය.
වැඩිහිටියන් මෙන් නොව, ළමයින් ඉතා කුඩා ප‍්‍රමාණයේ
විෂට ද ප‍්‍රතික‍්‍රියා දැක්වීමට ඉඩ ඇත. හෝමෝන හෝ අන්තෝසර්ග භේදනයන්
නිරාවරණය වීමද සාමාන්‍ය වර්ධකය කෙරේ බරපතල අහිතකර බලපෑම් ඇතිවිය හැක. ජාන විකරණ ආහාරවල
ඇති ප‍්‍රතිජීවක-ප‍්‍රතිරෝධක ජාන සහ rbGH (ජානමය ඉංජිනේරු ගව වර්ධන
හෝර්මෝන - Genetically engineered bovine
growth hormone වලින් පිළියම් කළ ගවයන් සඳහා පමණ ඉක්මවූ ප‍්‍රතිජීවක ලබා
දීම හේතුවෙන් ප‍්‍රතිජිවක ඖශධ වල කාර්යක්‍ෂමතාවය අඩුවුව හොත් රෝගවලට ගොදුරු විය හැකි
දරුවන් බරපතල ලෙස බලපෑමට ලක්විය හැක.
ළමයින්, ජානමය විකරණය කළ ජීවීන්ට
(Genetically
Modified Organism) පාත‍්‍ර වීමට විශාල ඉඩක් ඇත. ජානමය ඉංජිනේරු කළ නිශ්පාදන
විශාල සංඛ්‍යාවක් ළමයින් පරිභෝජනය කරයි. වැඩිහිටියන්ට සාපේක්‍ෂව ඔවුන් ඉහළ ඉරිඟු ප‍්‍රතිශතයක්
ආහාරයට ගන්නා අතර ආසාත්මිකතාවයන් ඇති ළමයින් ප්‍රෝටීන ප‍්‍රභවයක් ලෙස ඉරිගු මත පදනම්
වේ. ටැල්ක් ආදේශකයක් ලෙස දරුවන්ගේ සම මත ඉරිඟු පිටි යොදාගන්නා මව්වරුන් ආශ්වාස හරහා එවා නිරාවරණය කළ හැක. ළදරු
සෝයා සංයෝගයන් මගින් ඇති දැඩි වන ළදරුවන් සිටියි. "විශේෂයෙන්ම ගොදුරුවීමට ලක්විය
හැකි දරුවන් විසින් දීර්ඝ කාලයක් තනි ආහාරයක් ලෙස ළදරු සංයෝගයන් (Infant formulas) පරිභෝජනය කරන හෙයින් මෙය
ඉතා තදින් පරීක්‍ෂා කළ යුතු වේ" යැයි රාජකීය සමාජය ලියයි. සෝයාවල ස්වාභාවික ඊස්ට‍්‍රජන් අනුකාරතාවයන්
හි වෙනස්කම් වල අතුරුඵලයක් ලෙස ලිංගික වර්ධනයට වන බලපෑම් දැක්විය හැක.
තවද ළමයින් අසමානුපාතිකව කිරි
විශාල ප‍්‍රමාණයක් ආහාරයට ගනු ලබයි. එක්සත් ජනපදයේ සහ වෙනත් ප‍්‍රදේශවල කිරි නිෂ්පාදන
සකසන්නේ rbGH මගින් පිළියම් කළ ගවයන් ගෙන් විය හැක. ඉහළ හෝමෝන් සහ ප‍්‍රතිජීවක
සංඛ්‍යාවක් කිරිවල අඩංගු අතර පෝශණ අන්තර්ගතයද වෙනස් වී ඇත. වෛද්‍ය විද්‍යාව සදහා රාජකීය
සමාජ සඟරාවේ පළකළ rbGH (ජානමය ඉංජිනේරු ගව වර්ධන හෝර්මෝන) වල ඇති මහජන සෞඛ්‍ය බලපෑම්
පිළිබඳ සාකච්ඡමය පත‍්‍රිකාවට අනුව, "නිර්දේශ වූ අවමයට වඩා 12.5 ගුණයකින් වැඩි IGF-1 ප‍්‍රමාණයක මාත‍්‍රාවක් ළදරුවෙකුට නිරාවරණය වේ. සැමුවෙල් එප්ස්ටින්, පිලිකා මර්ධන සහයෝගීතාවයේ
සභාපති සහ rbGH වල සෞඛ්‍ය බලපෑම් පිළිබඳ විශේෂඥ පවසන අන්දමට,
IGF-1 ඉහළ සංඛ්‍යාවකට පාත‍්‍ර කිරීමේ ඇති අනතුර වන්නේ, "බිළින්දන් සහ ළමයින්ට විශේෂයෙන්
අදාල වන්නේ එහි ඇති ඉහළ පිලිකා-කාරක නිශ්පාදන සහ රසායනික ද‍්‍රව්‍ය තිබීමේ විභවය යි". ක‍්‍රමවත්
භාවිතය බිළින්දන් සහ තරුණ දරුවන් තුළ අපරිණත වර්ධන උත්තේජනයන්" (සහ) ස්තී‍්‍ර-පේෂණය (gynecomastia) (අසාමාන්‍ය විශාල පපුවක්
පිරිමි ශරීරයේ වැඞීම) ඇති කළ හැකි බව ඔහු ඉදිරිපත් කරයි.
"ජීවීන් අතර ජාන හුවමාරු
කිරීම බොහෝ සෙයින් දරුවන්ට බලපෑම් කළ හැකි, නොදන්නා විෂ ප‍්‍රතිවිපාක
සහ ආසාත්මිකත්වයන් නිපදවිය හැකි යැයි" එක්සත් රාජධානියේ, ලිවර්පූල් විශ්වවිද්‍යාල
රෝහලේ, විෂ-ව්‍යාධිවේදී විශේෂඥ, විවියන් හවර්ඞ් ප‍්‍රකාශ
කරයි.
ආරක්‍ෂක තක්සේරු ළමයින් නොසලකා හරියි. එක්සත් ජාතීන්ගේ ආහාර
සහ කෘෂිකර්මාන්ත සංවිධානය/ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාන විකරණය පිළිබඳ කාර්ය සාධාක බලකාය
ප‍්‍රකාශ කරන්නේ¦ "බිළින්දන් (සහ) ළමයින් වැනි විශේෂිත ජනගහන
උප-කණ්ඩායම් වල භෞතවේදී අංගලක්‍ෂණ සහ පරිවෘත්තීය අවශ්‍යතාවයන්ට අවධානය යොමු කළ යුතු
බවයි". නමුත්
යථාර්ථයේදී ජාන විකරණ ආරක්‍ෂක තක්සේරු මෙය නොතකා කි‍්‍රයා කරනු ලබයි. සැබවින්ම කිවහොත්, කර්මාන්ත ශාලා විසින් ආධාර
ලැබ කරන අධ්‍යයනයන් තරුණ සංවේදී සතුන් වෙනුවට, මුහුකුරා ගිය සත්වයන් යොදාගන්නේ
ප‍්‍රතිපල සැඟවීම සඳහාය.
"ළමයින් විශ සහ වෙනත් ආහාරමය
ගැටලූ නිසා පීඩාවට ලක්වීමට බොහෝ ඉඩ තිබෙන බැවින්, නිසි පර්යේෂණයකින් තොරව
ජානමය විකරණ ආහාර ඔවුන්ට දෙන්නේ නම් පර්යේෂණාත්මක සතුන් වන බවට" ඬේවිඞ් ශූබර්ට් ජීව විද්‍යාඥයා, අනතුරු අඟවයි. එහි ගැටලූ
ඇතිවුවද, අප එය කිසිවිටක නොදැන සිටීමට ඉඩ ඇත, මන්ද හේතු කාරකයන් නිරීක්‍ෂනය
නොකළ හැකි අතර බොහෝමයක් රෝගයන් වර්ධනය වීමට දීර්ඝ කාලයක් ගතවනු ඇත.
No comments:
Post a Comment