Friday, 23 December 2016
Friday, 16 December 2016
Saturday, 15 October 2016
Thai Chi for HealthTraining Programme
The Thai Chi for Health training programme held on 20th September 2016 in Gampaha was conducted by Professional Tai Chi Masters from Mentougon District of Beijing, China. Saharakshi conducted this progarmme in association with Sri Lanka Thai Chi Association.
In addition, some of the participants also learned basics of Martial Art forms such as Pa Kuwa & Shaoline.
The Opening Ceremony
The Opening Ceremony
Thai Chi Training
Demonstration Videos
Friday, 24 June 2016
ජාන වෙනස් කරන ලද ආහාර ශරීරයට නුසුදුසු වන්නේ ඇයි?
අද අප ජීවත්වෙමින් සිටින්නේ පෙර නොවූ විරු යුගයකය. හැම අතින්ම එය ආශ්චර්ය දනවන්නකි. අහස් ඉම තරණයට ඉදිවන දැවැන්ත බිල්ඩිං සේම මහපොළොව ගොළු කරන මහා ජල කදන් ද ඊට සාක්ෂි දරයි. ඉදිවෙන මෙගා නගර වර්ණවත් කරන මෙගා මෝල් මෙන්ම නිමනොවන වැසි, ද ඊට පසුව පැමිණෙන නියඟද මෙම ආශ්චර්ය මොනවට කියා පායි. මෙම මහා සංස්කෘතියෙහි මැවුම්කරුවා මෙගාප්‍රොෆිට් නම් වෙයි.
අප පුරුදුව සිටියේ විශාල දේ හොඳය, හොඳ දේ පැමිණෙන්නේ පිටරටින්ය කියාය. එනයින් ලොකු අල රට අලය, ලොකු `ඵණු රට `ඵණු ය. එම සමීකරණයට අනුව දැන් අපට තව තවත් සතුටුවිය හැක. මක්නිසාද අප වෙළඳසැල් පෙනුමෙන් ලස්සන, ප්‍රමාණයෙන් විශාල, කාලයෙන් දිගු-කාලයක් තබාගත හැකි පිටරටින් ගෙන්වන බීජ වලින් නිපදවන එළවළු සහ පළතුරු වලින් පිරී යමින් තිබීමයි. මෙම ආහාර හඳුන්වන්නේ ජාන විකෘති කරන ලද ආහාර/ජීවීන් (Genetically Modified Food/Organism-G.M.O) යනුවෙනි. ඇත්තටම මෙම ආහාර/ජීවින් අපේ ශරීරයට හිතකර ද? අපි ඉදිරියේ විමසා බලමු.
අප පුරුදුව සිටියේ විශාල දේ හොඳය, හොඳ දේ පැමිණෙන්නේ පිටරටින්ය කියාය. එනයින් ලොකු අල රට අලය, ලොකු `ඵණු රට `ඵණු ය. එම සමීකරණයට අනුව දැන් අපට තව තවත් සතුටුවිය හැක. මක්නිසාද අප වෙළඳසැල් පෙනුමෙන් ලස්සන, ප්‍රමාණයෙන් විශාල, කාලයෙන් දිගු-කාලයක් තබාගත හැකි පිටරටින් ගෙන්වන බීජ වලින් නිපදවන එළවළු සහ පළතුරු වලින් පිරී යමින් තිබීමයි. මෙම ආහාර හඳුන්වන්නේ ජාන විකෘති කරන ලද ආහාර/ජීවීන් (Genetically Modified Food/Organism-G.M.O) යනුවෙනි. ඇත්තටම මෙම ආහාර/ජීවින් අපේ ශරීරයට හිතකර ද? අපි ඉදිරියේ විමසා බලමු.
අපේ සමාජය දිනෙන් දින ලෙඩවෙමින් පවතී. එය සෞඛ්‍ය වාර්තා මෙන්ම ජනසමාජයේ අප ජීවත්වන විට ද අත්දකින යථාර්ථයකි. අතිතයේ අපට වැඩියෙන් අසන්නට ලැබුනේ බෝවන රෝග ගැනය. එහෙත් වර්තමානයේ අපේ සමාජ වෙලා ගනිමින් තිබෙන්නේ බෝනොවන රෝග මඟිනි. අතිතයේ පිටරටවල තිබුණු රෝග දැන් ලංකාවට පැමිණ ඇත. නගරයේ තිබුණු රෝග දැන් ගම්බදින් ද ඇසේ. මේවායින් දියවැඩියාව, අධික රුධිර පීඩනය, අක්මාවේ තෙල් තැන්පත්වීම, හෘදයාබාධ සහ වකුගඩු රෝග බහුලය. ඒවාගේම මෙම රෝග වැලදුන විට සුව වන්නේද නැත. තාවකාලික සහනයක් ඇරෙන්නට ජීවිත කාලය පුරාම බෙහෙත් ගැනීමට සිදුවෙයි.
මනුෂ්‍ය ශරීරය යනු සම්පූර්ණයෙන්ම සොබාදහමේ නිෂ්පාදනයකි. මනුෂ්‍ය ජීවිතය යනු සොබාදහමේ තවත් එක් ප්‍රකාශ වීමක් මිස එහි ප්‍රකාශකයෙක් නොවේ. සොබාදහම සහ මිනිසා යනුවෙන් වෙන්කර හඳුනාගත හැකි ප්‍රපංචයන් දෙකක් ද නොමැත. සොබාදහමම මිනිසාය. එසේ නම් මෙවැනි රෝග මතුවන්නේ ඇයි දැයි ප්‍රශ්ණයක් මතුකල හැක. ඊට වෛද්‍යවරුන්ගේ පිළිතුර නම් කෘතිම රසායනික ද්‍රව්‍ය යන්නයි.
මිනිස් මනස සැමවිටම සොබාදහමෙන් අපව වෙන්කළ අතර සොබාදහම ජය ගැනීම එහි එක් අරමුණක් විය. ස්වභාවිකව කුඩාවට ඵලදරන දෙය ප්‍රමාණයෙන් විශාල කිරීමට ඔහුට අවශ්‍ය විය. මක්නිසාද එවිට බර වැඩි වෙයි. ලබාගත හැකි මිල ද වැඩි වෙයි. ඉක්මනින් නරක් වන දේ නරක් නොවී තබා ගැනීමට අවශ්‍ය විය. මක්නිසාද එවිට ලාභය උපරිම කර ගත හැක. එහි ආකර්ශනය ද වැඩිකරන ලදි. එවිට ඉල්ලුම වැඩිවෙ යි. මේ සියල්ල ලාභයේ භාෂාව යි. මේ සඳහා ඔවුන් සොයාගත් තාක්ෂණය ජාන ඉන්ජිනේරු විද්‍යාවයි (Genetic Engineering). ඊට අනුව මේ ශාක සහ සතුන් සඳහා තව රසායනිකයන් යොදාගත යුතුය. මෙම රසායනිකයන් පොහොර ලෙස හඳුන්වන අතර ඒවා පොළොව මාර්ගයෙන් ආහාරයට පැමිණ ශරීරගත වෙයි. මෙම රසායනික ද්‍රව්‍ය සොබාදහමේ පැවති ඒවා නොවේ. ඒවා කෘතිමව නිෂ්පාදනය කරන ලද ද්‍රව්‍යය ය. මෙම කෘතිම රසායනිකයන් ශරීරයට අවශෝෂණය කර ගත නොහැක. ඒවාගේම ඒවා ඉවත්කිරීමට ද, ශරීරයට ක්‍රමයක් නැත. සාමාන්‍යයෙන් ශරීරයේ අපද්‍රව්‍ය ඉවත්කරන්නේ අක්මාවෙන් සහ වකුගඩු වලිනි. අක්මාවේ දී රසායනිකයන්ගේ ව්‍යුහය වෙනස් කොට වකුගඩුවෙන් පෙරා ඉවත්කරයි. නමුත් මෙම රසායනික ද්‍රව්‍ය ඉවත් නොවේ. ඒවා ශරීරය තුළ තැන්පත් වේ. මෙසේ තැන්පත්වන රසායනිකයන් ශරීරය ලෙඩ කරයි. වල්පැලෑටි නැසීම සඳහා යොදාගන්නා වල්නාශක වල ග්ලයිපොසෙට් (Glyposet) අඩංගුය. එය පිළිකා කාරකයකි. කැඞ්නියම් (Cadnium) වලින් වකුගඩු අමාරු හැදෙයි.
මනුෂ්‍ය ශරීරය යනු සම්පූර්ණයෙන්ම සොබාදහමේ නිෂ්පාදනයකි. මනුෂ්‍ය ජීවිතය යනු සොබාදහමේ තවත් එක් ප්‍රකාශ වීමක් මිස එහි ප්‍රකාශකයෙක් නොවේ. සොබාදහම සහ මිනිසා යනුවෙන් වෙන්කර හඳුනාගත හැකි ප්‍රපංචයන් දෙකක් ද නොමැත. සොබාදහමම මිනිසාය. එසේ නම් මෙවැනි රෝග මතුවන්නේ ඇයි දැයි ප්‍රශ්ණයක් මතුකල හැක. ඊට වෛද්‍යවරුන්ගේ පිළිතුර නම් කෘතිම රසායනික ද්‍රව්‍ය යන්නයි.
මිනිස් මනස සැමවිටම සොබාදහමෙන් අපව වෙන්කළ අතර සොබාදහම ජය ගැනීම එහි එක් අරමුණක් විය. ස්වභාවිකව කුඩාවට ඵලදරන දෙය ප්‍රමාණයෙන් විශාල කිරීමට ඔහුට අවශ්‍ය විය. මක්නිසාද එවිට බර වැඩි වෙයි. ලබාගත හැකි මිල ද වැඩි වෙයි. ඉක්මනින් නරක් වන දේ නරක් නොවී තබා ගැනීමට අවශ්‍ය විය. මක්නිසාද එවිට ලාභය උපරිම කර ගත හැක. එහි ආකර්ශනය ද වැඩිකරන ලදි. එවිට ඉල්ලුම වැඩිවෙ යි. මේ සියල්ල ලාභයේ භාෂාව යි. මේ සඳහා ඔවුන් සොයාගත් තාක්ෂණය ජාන ඉන්ජිනේරු විද්‍යාවයි (Genetic Engineering). ඊට අනුව මේ ශාක සහ සතුන් සඳහා තව රසායනිකයන් යොදාගත යුතුය. මෙම රසායනිකයන් පොහොර ලෙස හඳුන්වන අතර ඒවා පොළොව මාර්ගයෙන් ආහාරයට පැමිණ ශරීරගත වෙයි. මෙම රසායනික ද්‍රව්‍ය සොබාදහමේ පැවති ඒවා නොවේ. ඒවා කෘතිමව නිෂ්පාදනය කරන ලද ද්‍රව්‍යය ය. මෙම කෘතිම රසායනිකයන් ශරීරයට අවශෝෂණය කර ගත නොහැක. ඒවාගේම ඒවා ඉවත්කිරීමට ද, ශරීරයට ක්‍රමයක් නැත. සාමාන්‍යයෙන් ශරීරයේ අපද්‍රව්‍ය ඉවත්කරන්නේ අක්මාවෙන් සහ වකුගඩු වලිනි. අක්මාවේ දී රසායනිකයන්ගේ ව්‍යුහය වෙනස් කොට වකුගඩුවෙන් පෙරා ඉවත්කරයි. නමුත් මෙම රසායනික ද්‍රව්‍ය ඉවත් නොවේ. ඒවා ශරීරය තුළ තැන්පත් වේ. මෙසේ තැන්පත්වන රසායනිකයන් ශරීරය ලෙඩ කරයි. වල්පැලෑටි නැසීම සඳහා යොදාගන්නා වල්නාශක වල ග්ලයිපොසෙට් (Glyposet) අඩංගුය. එය පිළිකා කාරකයකි. කැඞ්නියම් (Cadnium) වලින් වකුගඩු අමාරු හැදෙයි.
ජාන වෙනස්කිරීම යනු කුමක් ද?
අපගේ ශරීරය සැදී ඇත්තේ සෛල වලිනි. මෙම සෛලයන්ගේ ඉතාම කුඩා ඒකකය න්‍යෂ්ටිය ලෙස නම්කර ඇත. එම න්‍යෂ්ටිය තුල ක්‍රෝමසොම (Chromosomes) ඇත. ක්‍රෝමසෝම 23කි. එමගින් මිනිස් හැඩරුව ලබාදෙයි. මෙම අංකය වෙනස් වු විට හැඩයද වෙනස් වෙයි. සතෙකුට ඇත්තේ වෙන අංකයකි. ක්‍රෝමසෝම තුල ජාන ඇත. දේහ ලක්ෂණ තීරණය කරන්නේ මෙම ජාන වලිනි. එක් ජානයකින් එක් දේහ ලක්ෂණයක් නොව බොහෝ ලක්ෂණ තීරණය වෙයි. මෙම ජාන වෙනස්කිරීම (edit), ඉවත් කිරීම (remove) සහ එකතු කිරීම (add) සඳහා විවිධ ක්‍රමඋපායන් විශාල ප්‍රමාණයක් මේ වනවිට සොයාගෙන ඇත. මෙම තාක්ෂණය 1970 වසරේ සිට වේගවත් වූවකි. එය ජීව ඉංජිනේරු විද්‍යාව ලෙස හඳුන්වයි. කරවිල ගෙඩියක් ලොකු කිරීම සඳහා එක ජානයක් වෙනස් කල විට එම විද්‍යාඥයින්ටද නොදැනීම ලක්ෂණ විශාල ප්‍රමාණයක් වෙනස් විය හැක. එම වෙනස්වීම අපගේ ශරීරයට අහිතකර විය හැක. එවිට ඒවා අපගේ ශරීරය තුල එකතු වෙයි. එම සංයෝග අක්මාවෙන් බිඳ දමා වකුගඩු වලින් පෙරා ශරීරයෙන් බැහැර කල නොහැක. මෙම අස්වාභාවික ආහාර නිසා ස්වභාවික ශරීරය ලෙඩවෙයි. එය හරියට පැට්‍රල් කාර් එකට ඩීසල් දැම්මා වගෙයි. ටික දුරක් ගොස් නතර වෙයි. කොපමණ උත්සාහ කලත් මෙම කෘතිම රසායනිකයන් ශරීරයට ඉවත්කළ නොහැක . එය අප සමාජය තුල අත්දකින මවිත කරවන මියයාම් වල සිට වෛද්‍යවරුන් ගොළු කරන, කිසිවෙකුටත් සොයාගත නොහැකි වු අහේතුක අසනීප වල සහේතුකය මෙම තාක්ෂණය තුල සැගවී ඇත?
අප අතීතයේ නොඇසු එහෙත් වර්ථමානයේ ඉතා බහුල රෝගයකි අක්මාවේ තෙල් තැම්පත්වීම නොහොත් (Fatty Liver) අතීතයේදී මෙම රෝගය ස්ථුල අයට තිබුණත් එහි දී තෙල් තැම්පත් වුයේ අක්මාවෙන් පිටය. නමුත් දැන් තෙල් තැම්පත් වන්නේ අක්මාව තුලය. ඒ හේතුවෙන් ටික කලක් යනවිට අක්මාව හැකිලෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සිරෝසියස් නම් රෝගය වැලදෙයි. අප අසා ඇති පරිදි සිරෝසියස් හැදෙන්නේ බොහෝ මත්පැන් ගත් විටය. නමුත් වර්ථමානයේ බහුල සිරෝසිස් සඳහා ඇල්කොහොල් අදාල නොවෙයි. එය හදුන්වන්නේ Non-Alcoholic Cirrhosis නමිනි. වෛද්‍යවරුන් ප්‍රකාශ කරන ආකාරයට ජාන විකෘති කරන ලද මිරිස් මීට එක් හේතුවක් බව හදුනාගෙන ඇත. එය ස්ථුල භාවයටද හේතු වේ. මෙය ඔබටම අත්දැකිය හැකි බව ඔවුන් ප්‍රකාශ කරයි. ඒ සඳහා මාස 2ක් පමණ මෙම මිරිස් ආහාරයට නොගෙන, අක්මා පරීක්ෂණයකින් ඔබටම වෙනස අත්දැකිය හැකියි. තෙල් හැදුනට පස්සෙ මෙම ආහාර ගත්තොත් දිගටම තෙල් තැන්පත් වෙනවා. ඒ නිසයි ලෙඩ සුව නොවී ජිවිත කාලය පුරාම බෙහෙත් ගන්න වෙන්නෙ. තමන්ගේ ආහාර පුරුදු වෙනස් කිරීමෙන් පමණයි මේවාට උත්තර සෙවිය හැක්කේ.
ඊළඟට සීග්‍රයෙන්ම පැතිරෙන රෝගය බවට පත් වී ඇත්තේ දියවැඩියාවයි. අතීතයේ සොයා ගත් සහ සොයා නොගත් දියවැඩියා රෝගීන් පැවතියේ 2% පමණය. වර්තමානයේ එය 15% ක මට්ටම දක්වා ඉහළගොස් ඇත. වසර 2020 වනවිට මෙම ප්‍රතිශතය දෙගුණ විය හැකි බව ප්‍රකාශ වෙයි. ගෝලීයව 2035 වන විට මිලියන 592 දක්වා ඉහල යනු ඇතැයි පුරෝකථනය කරයි. දියවැඩියා රෝගය සුවකර ගැනීම සඳහා ආහාර පුරුදු ඉතා වැදගත් බව ප්‍රචලිත කරුණකි. නමුත් ඒ මොන ආහාරදැයි නොයෙක් හේතූන් නිසා ප්‍රකාශ නොවෙයි. ඉරිඟු (පාන්පිටි), එළවළු තෙල් සහ පරිප්පු මෙහිදී ප්‍රධාන තැනක් ගනියි. මෙම ආහාර ත්‍රිත්වය ලාංකික ආහාර සංස්කෘතියේ ද ප්‍රධාන තැනක් උසුලයි. ඉස්සර පාන් සෑදීම සඳහා යොදා ගත්තේ ඉරිඟු පිටි පමණි. එම පාන් තබා ගත හැක්කේද දිනක් පමණි. නමුත් දැන් ඊට එළවළු තෙල්, මාගරින් මිශ්‍ර කරයි. එවිට පාන්ගෙඩිය මෘදුවෙයි. කල්තියා ගත හැකියි. රසත් වැඩිවෙයි. ඉරිඟු පිටි වල ග්ලූටන්
(Gluten) ඇත. පාන්පිටි වලට ඇලෙන/ඇදෙන සුලු ස්වභාවය ලබාදෙන්නේ මෙයිනි. හාල්පිටි වල ග්ලූටන් නැත. එනිසා ඊට වතුර දැමූ විට ඇදෙන්නේ හෝ ඇලෙන්නේ නැත. ග්ලූටන් තිබෙන ආහාර ලෝකයේ තිබෙන්නේ හතරකි. ඉරිඟු, රයි, ඕට්ස් සහ බාර්ලි ය. ග්ලූටන් දියවැඩියා කාරකයක් බව විදේශිකයන් දනියි. ඒ නිසා විදේශයන්වල ග්ලූටන් වලින් නිදහස් ජීවන විලාශයන් (Gluten Free Life) ගොඩනැගී ඇත. ඉරිඟුවල ජාන විකෘති කිරීමත් සමඟ දැන් එහි ග්ලූටන් ප්‍රතිශතය 8% සිට 12% දක්වා වැඩිවී ඇත. දියවැඩියාවට පමණක් නොව ඉරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදන ගැස්රයිටීස් රෝගය සඳහා ද නුසුදුසුය.
ශාකවලින් ලබා ගන්නා මේද හඳුන්වන්නේ අසංතෘප්ත මේද යනුවෙනි. කෝන්, සන්ෆලවර්, ඔලිව්, පාම් තෙල් මේවා අපගේ වෙළඳපොලේ හමුවන ශාක තෙල් විශේෂයන්ගෙන් කිහිපයකි. අසංතෘප්ත මේද මගින් නිෂ්පාදනය වන ධන (+) ආරෝපණ ශරීරය තුල ක්‍රියා කිරීමෙන් ලෙඩරෝග වැළඳේ. අධික රුධිර පීඩනයටද මෙය බලපායි. බොහෝ විට දියවැඩියාව ඇති අයට අධික රුධිර පීඩනයද ඇත. මක්නිසාද එය හැදෙන්නේ එකම ආහාරවලින් වීමයි. පිරිසිදු ජාන මාරු නොකරන ලද පොල්තෙල් සංතෘප්ත මේදයකි. එය ශරීරයට අහිතකර නොවේ. ජාන වෙනස්කරන ලද ප්‍රමාණයෙන් විශාල පරිප්පු ද දියවැඩියාකාරකයක් බව සොයාගෙන ඇත.
රුවන් බස්නායක
*2016 ජූනි මස
අග්‍රහාර පුවත් සඟරාවේ පළ කරන ලද ලිපියකි
මූලාශ්‍ර-
- www.diabetessrilanka.org
- www.glutenfreeliving.com
- www.nongmoproject.org
- වෛද්‍ය ගාමිණී අභය සාකච්ඡා
Sunday, 20 March 2016
මෙය සියල්ල වෙනස් කරනු ඇත
![]() |
Sundaytimes.lk |
විශිෂ්ඨයන් ලෙස හදුනාගැනීමට කැමති අපි ශරීරය නම් භෞතිකය ඇසුරු කොට ජීවත් වෙමු. එම ශරීරය අපි ලෙසද හඳුනාගනිමු. එය අපගේ සැබෑ ස්වරූපය නොවුනද, පෘතුවියේ ජීවත්වන අප මනුශ්‍යයෝය. මනුශ්‍යයෝ වන අපි බොහෝ දේ මඟහැරියෙමු. බොහෝ දේ මඟහරිමින්ද සිටියි. නමුත් තවදුරටත් මගහැරිය නොහැකි අභියෝගයක් අප ඉදිරියට පැමිණ ඇත. එනම් මෙම ශරීරය පවත්වා ගෙන යෑමට අවශ්‍ය මූලික සාධක වන ආහාර, වාතය සහ දෙපා රඳවන මහපොළොව අහිමිවෙමින් තිබීමයි.
අප මඟහැරපු තැන් මෙන්ම වරදවාගත් තැන් ද බොහෝය. අපි මේ මහා සමස්ථයෙන් අපව විටක විශිෂ්ඨයන් ලෙසද, විටක උගතුන් ලෙසද, විටක බුද්ධිමතුන් ලෙසද යනාදී වශයෙන් භාෂාවේ ඇති වචන ගණන ඉක්මවූ අනන්‍යතාවයන්ට පොලාපනිමින් මහා සමස්ථයෙන් අපව වෙන්කර හඳුනාගන්නෙමු. නමුත් අප මේ මහා සමස්ථයේ තවත් එක් (නොවැදගත්) අංශුවක් පමණි. අපට එක මොහොතක්වත් හුස්ම නොගෙන ජීවත්විය නොහැක. අපගේ ජීවිතය එ් තරම්ම සියුම්ය. මේ සියලූම කොන්දේසි දූෂණය වන සංධර්භයක අපි අපටද අහිමි වේ - එහි මුව දොරට අපි පැමිණ සිටිමු.
විද්‍යාඥයන් ප්‍රකාශ කරන ආකාරයට පෙනෙනවාට වඩා ප්‍රශ්නය බැරූරුම්ය. ඒ වාගේම මහාචාර්ය කෙවින් ඇන්ඩර්සන්ට අනුව මේ ක්‍ෂෙත්‍රයේ නියැලී සිටින විද්‍යාඥයින් විසින් විවිධ හේතුන් මත තම පර්යේෂණ වාර්තා ස්වයං-වාරණයට ලක්කරමින් එම දත්ත සමාජගත වීම වලක්වමින්ද සිටියි. ඊට අනුව ප්‍රශ්නය මීටත් වඩා සංකීර්ණය. රෝග ලක්‍ෂණයක් ලෙස අප ඉදිරියට පැමිණ ඇති ඵම ප්‍රශ්නය නම් මිහිතලය උනුසුම් වීමයි. මිහිතලය උනුසුම් වීමට හරිතාගාර ආචරනයත් (greenhouse effect) මානව ක්‍රියාකාරීත්වයත් බලපායි. හරිතාගාර වායූන්ගෙන් තොරව පෘතුවි උශ්නත්වය සෙල්සිස් අංශක 18 වඩා අඩු බව සැලකේ. ප්‍රමුඛ හරිතාගාර වායූන් ලෙස, කාබන්ඩයොක්සයිඞ් (CO2), මීතේන්, ඡල වාෂ්ප, ඕසෝන්, සහ නයිට්රස් ඔක්සයිඞ් සලකයි. විශාල වශයෙන් පොසිල ඉන්දන දහනයෙන් කාබන්ඩයොක්සයිඞ් වායුගෝලයට මුදා හැරේ.
විද්‍යාඥයන් ප්‍රකාශ කරන ආකරයට 1960දී 313PPM (parts per million) වූ කාබන්ඩයොක්සයිඞ් 2013 දී 400PPM ඉක්මවිය. එය තවදුරටත් වේගයෙන් වැඩි වුවහොත් ලෝක ජනගහනයෙන් හරි අඩක් පමණක් වුවද මිය යාහැකි බව ප්‍රකාශ වෙයි. දැනටමත් චීනයේ වායු දූශණය නිසා දළ වශයෙන් දිනකට 4000ක පමණ පිරිසක් මිය යයි. එය චීනයේ සමස්ථ මරණ අනුපාතයෙන් 17% කි. චීන ජනගහනයෙන් 38% ආග්‍රාහණය කරන වාතය ශරීරයට අහිතකරය. පරිසර උශ්නත්වය ඉහළ යෑමේ සෘජු ප්‍රතිපලයක් ලෙස උත්තර සහ දක්‍ෂිණ ධ්‍රැවයන්ගේ අයිස් දියවී යෑම ප්‍රධාන තර්ජනයක් බවට පත්වී ඇත. නාසා ආයතනය ප්‍රකාශ කරන ආකාරය 1992 සිට වසරකට අඟල් 3 බැගින් මුහුදු මට්ටම ඉහළ ගොස් ඇති අතර අනාගතයේදී මීට වඩා දරුණු විය හැකි බව අනුමාන කරයි. එනයින් රටවල් අතුරුදහන් වීම වැඩි ඈතක නොවනු ඇත.
![]() |
Natural and Human Enhanced Greenhouse Effect |
ලාංකිකයන් වන අපි, සුනාමිය අත්දැක්කෙමු. දැන් දැන් අපට උශ්නත්වය තදින් දැනේ, බොහෝ ප්‍රදේශවල බීමට ජලය පවා හිඟවෙමින් පවතී. අපට වැසි ලැබෙන වකවානු වෙනස් වී ඇත. ඒනිසා ගොවීන් පීඩාවට පත්වී ඇත. ජලය විශවීම නිසා අනුරාධපුර ජනතාව මිය යමින් සිටියි. මේ තත්වය දිගටම මෙසේ පැවතිය හොත්, නියඟය, පාණීය ජලය හිඟවීම, මුහුදු මට්ටම ඉහළ යෑම, ජීවන පරිසරය අහිමිවීම සහ ආහාර හිඟය ප්‍රධාන ගැටලු බවට පත්වනු ඇත.
ලාංකිය සමාජය මෙම ගැටලුව එහි සැබෑ තීව්‍රතාවයෙන් හදුනාගෙන නැත. කණගාටුදායක තත්වය නම් සංවේදීයැයි හදුනාගත් පිරිස්ද මෙම ගැටලුව සම්බන්දයෙන් සංවේදී නොවීමයි. එක් යුගයක ලෝකය ධනවාදී කදවුර සහ සමාජවාදී කදවුර ලෙසට බෙදි තිබුනි. අප එක් කණ්ඩායමකින් සහෝදරයා විප්ලවය වන්නේ කවදාදැයි ඇසූ විට ඔවුන් කීවේ තවම වාස්තවික තත්වය මෝරා නැති බවයි. නමුත් මේ වන විට සියලු වාස්තවික තත්වයන් ධනවාදය සකසාදී ඇත. ඇති නැති පරතරය අහසට පොළව මෙනි. මහපොළව විශ වී ඇත. හුස්ම දූශණ වී ඇත. ලෙඩ රෝග ඉහ වහා ගොසිනි. මෙම ක්‍රමයට ඉන්දන සැපයූ සියලු ඉන්දන අවසන් වෙමින් පවතී. නමුත් වීදි හිස්ව ගොසිනි. විප්ලවවාදීන් සයිබර් අවකාශයට පලාගොස් ඇත. සමහර මාක්ස්වාදීන් ධනවාදීන් පස්සේ යමින් සමාජවාදය අයදිනු පෙනේ. බිලියන 7.2ක් ඉක්මවන ලෝක ජනගහනය පැරණි විදියට නඩත්තු කිරීමට නම් අති විශාල සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත. නමුත් අපේ සමහර සමාජවාදීන් කියන්නේ සියලු ජනතාවට ලැම්බෝගිනි දීම ඔවුන්ගේ දේශපාලනය බවයි.
අප මේ ආකාරයට අපගේ ජීවන විලාශය තවදුරටත් පවත්වා ගතහොත් වායුගෝලීය උශ්නත්වය සෙල්සිස් අංශක 6-8 අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව විද්‍යාඥයන් ගේ මතය යි. එය ජීවයට සුදුසු තත්වයක් නොව ජීවය පෘතුවියෙන් අතුගෑවියෑමට සුදුසු තත්වයකි. පැරිස් සමුලුවේදී රටවල් 180ට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් වායුගෝලීය උශ්නත්වය ඉහළ යෑම ශතවර්ෂය පුරා සෙල්සිස් අංශක 2 මට්ටමින් පවත්වාගැනීමට එකඟ විය. මෙය සැබවින්ම මෙය යථාර්ථයක් කළ හැකි තත්වයක්ද?

අපට නව ජීවිතයක් තුළින් නව ලෝකයක් උදාකරගත හැක. එය උදාකර දෙන ගැලවුම්කරුවෙකු හමු නොවනු ඇත. එය අපගේ පුද්ගලික තීන්දුවක සාමූහික උත්සාහයක් වනු ඇත. ප්‍රථමයෙන්ම කළ යුත්තේ නව ලෝකයක් පිළිබඳව පර්යාවලෝකනය කිරීමයි. එහිදී අපට ජීවත්විම සඳහා අවශ්‍යම බඩු භාණ්ඩ පමණක් ප්‍රමාණවත් වනු ඇත. ලෝකය එකම සමස්ථයක් ලෙසත්, ඒ හැම දෙයම ජීවයෙන් පිරී ඇති බවත්, ගහ කොළ සතා සිව්පාවා ඇතුළු මේ සියලුදෙයට ආදරය කිරීමටත් එහි පැවැත්මට ගෞරව කිරීමටත් සිදුවනු ඇත. ප්‍රීතිමත්ව ජීවත්විමට බොහෝ මුදල්, බලය හෝ තත්වය අවශ්‍ය නොවනු ඇත. අඩුබල ශක්තියකින් ප්‍රමාණවත් ජීවිතයක් ගතකිරීමට හැකිවනු ඇත. අවම වශයෙන් තම භූමිය තුළ එක් බෝගයක් හෝ වගාකොට අනෙකා සමඟ බෙදා හදාගෙන පරිභෝජනය කිරීමට සිදුවනු ඇත. මේ මොහොත යනු නව ලෝකයක් වෙනුවෙන් අපට ඉතිහාසයේ මුණ ගැසුනු ස්වර්ණයම අවස්ථාවයි. වෙනස්කර ගැනීමට අප නැති බව තේරුම්ගිය විට අප බියෙන් නිදහස් වනු ඇත. එම නිදහසේ ශක්තිය තිරසාර නව ලෝකයකට මග විවර කරනු ඇත.
මූලාශ්‍ර:
රුවන් බස්නායක
(2016 කාලී සඟරාවේ දෙවන කලාපයේ පළ විය)
Subscribe to:
Posts (Atom)