Monday, 25 January 2016

ලෝකය පුරා විසිර ඇති දැණුම ඔබට ලගා කරවමින් පරිවර්තන කෘති, වෙනත් රචනා බෙදා හැරීම අපගේ අරමුණයි. සහරක්ෂී ප‍්‍රකාශන ලබා ගැනීම සදහා විමසන්න.0769757588



යෝගී 
- ජීවිතයට ෙදාරටුව

පරමහංස යෝගානන්ද ස්වාමිතුමාගේ මෙම ස්ව-චරිතාපදානයෙහි
වැදගත්කම නම්, ඉන්දියාවේ ප‍්‍රඥවන්ත පුද්ගලයින් පිළිබ`ද ව පිටස්තර
රචකයන් විසින් නො ව භාරතයේ ම උපන් භාරත වැසියෙකු විසින්
- කොටින් කියතොත්, යෝගීවරුන් පිළිබඳ ව යෝගීවරයෙකු විසින් ම
ලියන ලද ග‍්‍රන්ථයක් වීමයි. වර්තමාන හින්දු යෝගීවරුන්ගේ ජීවිත හා
අතීන්ද්‍රීය බල ශක්තීන් සියැසින් දැක අත්දැකීම් ඇතිව ලියා තිබීම නිසා
මෙය කාලීන මෙන් ම කාලය ඉක්මවා ගිය අකාලික වටිනාකමකින් ද
යුක්ත වෙයි. (මා හොඳින් හඳුනන) යෝගානන්ද ස්වාමිතුමාට අපි සියලූ
දෙනා ම එ් පිළිබඳ ව කෘතඥ විය යුතු වෙමු. එතුමාගේ මෙම ග‍්‍රන්ථය
හින්දු මනස හා හදවත පිළිබඳ ව කරුණු ඉතා ම ගැඹුරින් අධ්‍යනය
කෙරෙන ආකාරයෙන් බටහිර රටවල මෙතෙක් පළවුණ ග‍්‍රන්ථ අතුරින්
නිසැක ව ම අග‍්‍රගණ්‍ය වූවකි.
මෙම ග‍්‍රන්ථයෙහි විස්තර දක්වා ඇති ශී‍්‍ර යුක්තේ්ශ්වර ගිරි නැමති
යෝගී උතුමන් හමුවීමේ භාග්‍යය මට ද ලැබුණි. (මා පළ කළ Tibetan
Yoga and Secret Doctrines නම් ග‍්‍රන්ථයට ද එතුමාගේ ඡුායාරූපයක්
ඇතුලත් කළෙමි). එතුමන් මට හමුවූයේ ඔරිස්සාවෙහි පිහිටි පූරි නම්
ස්ථානයේ දී ය. එවකට එතුමා මුහුද අසල පිහිටි කුඩා ආශ‍්‍රමයක තරුණ
ශිෂ්‍ය කණ්ඩායමක් පුහුණු කරමින් සිටි බව මට පෙනුණි. ඇමරිකාවේ
සහ මහා බි‍්‍රතාන්‍යයේ ශුභ සිද්ධිය ගැන දැඩි උනන්දුවකින් කථා කළ
එතුමා, විශේෂයෙන් එවකට කැලිෆොර්නියාවට ධර්ම ප‍්‍රචාරය සඳහා
යවනු ලැබ සිටි පරමහංස යෝගානන්ද නම් ශිෂ්‍ය යෝගීවරයා ගැන ද
කරුණු විමසීය.
ඇවතුම් පැවතුම්වලින් මෙන් ම කථාවෙන් ද මෘදු බවක් පෙන්වූ
එතුමාගේ පෙනුම කෙනෙකුට නිතැතින්ම එතුමන් ඉදිරියේ වැඳ
වැටෙන්නට සිතෙන තරම් වූවකි. එතුමන්ගේ දහම අගය කළවුන් අතින්
සිදු වූයේ ද එයයි. භාරතීය වූ ද, නො වූ ද සෑම දෙනා ම එතුමන්ට
මහත් ගරුසරු බවක් දැක්වූහ. මා එම ආශ‍්‍රමයට යන විට මා පිළිගැනීමට
ඉදිරියට ආ එතුමාගේ උස් වූ ද, සෘජු වූ ද කෂාය වස්ත‍්‍රයකින් සැරසුනා
වූ ද යෝගී ශරීරය මට කිසි දිනක අමතක නොවන්නකි. දිගුව අක්බමරු
වූ කෙසින් ද රැුවුලින් වැසුණු මුහුණකින් ද යුතු වූ එතුමාගේ ශරීරය
ස්ථාවර බවක් මෙන්ම මෘදු බවක් ද දැක්වීය. ස්ථාවර බව හා සැහැල්ලූ බව

එතුමාගේ පියවරෙහි පවා විය.


    Rs.690.00

බුද්ධ ස්වභාවය වෙතට ආවර්ජනා තුනක්

මෙම බුද්ධ ස්වභාවය වෙතට ආවර්ජනා තුනක් නම් වු
ග‍්‍රන්ථයෙන් ද චං දහම පිළිබඳ සෑහෙන හැඳින්වීමක් සිදු වේ.
බුදුන්වහන්සේ මහාකාශ්‍යප හිමියන්ට මලක් පෙන්වා සම්පේ‍්‍රෂණය කළ
වචනවලින් ඔබ්බේ පවතින ධර්මය මහ කසුප් හිමියන් විසින් බෝධිධර්ම
නම් ශිෂ්‍යයාට සම්පේ‍්‍රෂණය කරන ලද බවත්, බෝධිධර්ම හිමියන් විසින්
චීනයට රැගෙන යන ලද එම දහම ”චං දහම” නමින් එවක් පටන්
ප‍්‍රචාරය වු බවත් සදහන් වේ. ”චං” යන වචනයට පාදක වී ඇත්තේ
සංස්කෘත ”ධ්‍යාන” යන වචනයයි. මෙහිදි ධ්‍යාන යන වචනයෙහි විශේෂිත
අර්ථය වන්නේ භාවනාව යන්නයි. (පසුව ”චං” දහම චිනයෙන් ජපානයට
ගෙන යන ලදින් එහිදී ඊට ”ෙ‘සන්” යන නම යොදා ගනු ලැබු අතර එම
ෙ‘සන් දහම ජපානයට ආවේණික ආකාරයකින් සකස් වුවකි.)

බුද්ධ ස්වභාවය වෙතට ආවර්ජනා තුනක්
  මින් පැහැදිලි වන්නේ ”චං” දහමෙහි ප‍්‍රධාන තැන ලැබෙන්නේ
භාවනාවට, ප‍්‍රයෝගික අංශයට බවයි. ග‍්‍රන්ථ අධ්‍යයනය එහි ඇත්තේ
අවම වශයෙන් පමණි. එහෙත් ප‍්‍රයෝගික අංශය සඳහා ප‍්‍රයෝජනවත්
වන ග‍්‍රන්ථ ස්වල්පයක් ඇසුරු කරන ලෙස මුල් අවදියේ පටන් ගුරුවරුන්
ශිෂ්‍යයන්ට නියම කොට ඇත. බෝධිධර්ම හිමියන් එසේ ශිෂ්‍යයන්ට
කියවන්නට නියම කළ ග‍්‍රන්ථයක් නම් සද්ධර්ම ලංකාවතාර සුත‍්‍රයයි. ශී‍්‍ර
ලංකාවේ එවක රජ කළ රාවණා රජු ඇසු ප‍්‍රශ්ණවලට පිළිතුරු ලෙස
එම සූත‍්‍රය බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලදැයි සදහන් වේ.
එයින් මතු කෙරෙන ප‍්‍රධාන අදහසක් නම් මෙම මුළු තුන් ලෝකයම
මනසේ නිර්මාණයක් බවයි, මනස අහෝසි වුවහොත් එම තුන් ලෝකයම
නැතිවී කෙනෙකු ලෝකෝත්තර බවට පත් වන බවයි.
 ශිෂ්‍යයන් කියවිය යුතුයැයි චෙං කුවං හිමියන්ගේ මෙම
ග‍්‍රන්ථයෙහි උපදෙස් දී ඇති තවත් එබඳු ග‍්‍රන්ථයක් නම් ශූරංගම සුත‍්‍රය
යි. එ් පිළිබඳ මුලික විග‍්‍රහයක් මෙම බුද්ධ ස්වභාවය වෙතට ආවර්ජනා
තුනක් නම් ග‍්‍රන්ථයෙන් ඉදිරිපත් කොට ඇත. (සම්පුර්ණ ග‍්‍රන්ථය
මහාචාර්ය ගුණපාල ධර්මසිරි මහතා විසින් සිංහලට නගා ඇත.) එය
මහායානයට මෙන්ම මුල් බුදුදහමේ මාග_ඵල ආදියට ද සම්බන්ධ ධර්ම

කොටස් ගැන සාකච්ඡ කෙරෙන ගැඹුරු ධර්ම කොටස් ඇතුළත් සුත‍්‍රයකි.


   Rs.280.00

නොකඩුල්ලේ කඩුල්ල

ලොව සියලූ දේම පවතින්නේ ද්විත්ව ස්වරූපයකිනි. එනම් උඩ -යට, අදුර - ආලෝකය, පින් - පව් යනාදී ලෙසය. ඒ දෙකෙන් එකක් අඩුවුවහොත් අනෙකට පැවැතිය නොහැක. උඩ නොමැතිව යට පැවැතිය නොහැක.
ලෝකය රදා පවතින්නේ එම ද්විත්වය (ජෝඩු හෙවත් යුගල ස්වරූපය) මත ය. කඩුල්ල තුළ නොකඩුල්ලක් දැකීම යනු එම ද්විත්ව ස්වරූපය ඉක්මවා අද්වය ස්වරූපයකට හෙවත් දෙකක් නැති - යුගලය ඉක්මවා ගිය ස්වරූපයට පත්වීම ය. {මෙම තත්වය සාක්‍ෂාත් කිරීම ගැනම ලියවුණු අද්වය - සිද්ධි නම් ගැඹුරු තාන්ත‍්‍රික ග‍්‍රන්ථයක් ද ඇත. එය ලක්‍ෂමීංකරා දේවී නම් තාන්ත‍්‍රික යෝගිනියගේ කෘතියකි.)
මෙම ග‍්‍රන්ථයේ ඇතුළත් කථා පුවත් හා සිදුවීම් ද පාඨකයා එබදු අද්වය ස්වභාවයක් වෙත - එනම් යථා ස්වභාවය වෙත සමීප කරවන ඒවා ය. එයට මුල් බුදු දහමේ යොදා ඇත්තේ යථාභූත ඥාන දර්ශනය යන යෙදුම ය. එනම්, ලොව ඇති ස්වභාවය හෙවත් ‘‘සමතා’’ ස්වභාවය ප‍්‍රඥා ඇසින් දැකීම යි. මුල් බුදු දහමට අනුව එය ධර්ම ප‍්‍රවාහයට ඇතුල් වූ ‘‘සෝතාපන්න’’ තත්වයයි.
සෙන් බුදු දහම ප‍්‍රතක්‍ෂ කිරීමෙන් ද පත්වන්නේ ඊට සමාන තත්වයකට බව පෙනේ. සෙන් ශිෂ්‍යයන්ගේ අත්දැකීම් අනුව එය තමා ඇතුඵ මුඵ ලොවම එක් මොහොතකදී කඩා වැටී සුණු විසුණු වී ගොස් ආපසු යථා තත්වයට පත්වීමකි. ‘‘ක්‍ෂණ සම්පත්තිය’’ යන නමක්ද ඒ නිසාම ඊට ලැබී ඇත (නොකඩුල්ල් කඩුල්ල යන්නෙහි තවත් අරුතක් නම්, මෙම පෙනෙන ලෝකය තුළම නොපෙනෙන ලෝකයක් ද ඇති බවට ඉගි කිරීම ය). එම තත්වය සාක්ෂාත් වූ මොහොතේ පටන කෙනෙක් පංචේන්ද්‍රියයන්ගේ ග‍්‍රහණයෙන් නිදහස් වන්නේ ය. සැබෑ නිදහසක් ලබන්නේ ය.

    Rs.260.00

මේ මොහොත සමග මිත‍්‍රවීම

මෙහි ඇතුළත් වන්නේ මෑත යුගයෙහි බටහිර පහළ වූ උත්තම ගණයේ
ආධ්‍යාත්මික ගුරුවරයෙකුගේ දේශනයකි. ඔහු ලියන්නේද කතා පවත්වන්නේද
ඉංග‍්‍රීසි බසිනි. ඔහුගේ නමින්ම පැහැදිලි වන පරිදි ඔහු එංගලන්තයට සේන්දු වූ
ජර්මන් ජාතිකයෙකි.
ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේදී ඔහුට ඉතා ප‍්‍රබල මානසික
ඝට්ටනයන්ට මුහුණ දීමට සිදු විය. (මේ කරුණු විස්තර සහිතව එඛාට් ටෝලේගේ
අලූත් පොළොවක් නම් ග‍්‍රන්ථයේ දැක්වේ) එකල විශ්ව විද්‍යාලයේ
ප‍්‍රචලිතව තිබුණේ මහාචාර්යවරුන් ඉතා බුද්ධිමත් හා සෑම ගැටළුවකටම විසදුම්
දන්නා අය බවය. දිනක් එඛාට් ටෝලේට සඳුදා දිනයක දේශනයකට යන්නට
තිබුණේය. ඒ සඳුදා උදේ අටටය. උදේ අට පසුවී විනාඩි ගණනක් ගියද එදා
දේශනයට එන බව කී මහාචාර්යවරයා නොපැමිණියේය. තව මොහොතකින් ඒ
දේශන ශාලාවට පැමිණි පියන් කෙනෙකු කියා සිටියේ එම මහාචාර්යවරයා
පෙරදින සවස දිවිනසා ගත් බැවින් දේශනයට නොපැමිණෙන බවය. මෙය ඇසූ
එඛාට් ටොලේට එය අදහා ගත නොහැකි විය. එතරම් බුද්ධිමත් අයෙකු දිවිනසා
ගන්නේ කෙසේද? එදා ඔහුට බුද්ධියේ සීමාව තේරුම් ගියා පමණක් නොව ඒ ගැන
විශ්වාසයද බිඳී- මහත් අසරණ තත්වයට පත් විය. - ඔහු දෙලොවක් අතර අතරමං

විය.



Rs.160.00


ජපන් සොබාදහම් ගොවියා

සොබාදහම් ගොවිතැන් ක‍්‍රමය ජපානයේ ආරම්භ කිරීමට එහි ආදී ෆුකු ඕකා මහතා යොමුවී ඇත්තේ අපූරු ආකාරයකට ය. මුලදී ඔහු විද්‍යාත්මක ගොවි පර්යේෂණ ආයතනයක සේවය කරමින් සිටිද්දී ඔහුට උණ රෝගයක් වැළ`දී දින ගණනකට පසු එක් දිනක හදිසියේම ‘‘කිසිදු දෙයක කිසිදු වටිනාකමක් නැත. ශූන්‍ය ය’’ යන ප‍්‍රත්‍යක්‍ෂ වැටහීම සමගම තමා කළ රැුකියාවෙන් සිදුවන්නේ සොබා දහම විකෘත කිරීමක් යයි වැටහී  වහාම ඔහු ඒ රැුකියාවෙන් අස්වී පියාගේ ගොවිපල වෙතට ගියේ සෑම දෙයක් පිළිබ`ද සැබෑ තත්වය ගොවිකම මගින් මිනිසුන්ට කියා දීමේ අරමුණ ඇතිකර ගෙන ඊට පෙර තම සිතේ තිබූ අදහස් මිනිසුන්ට කීමට උත්සාහ කළ නමුත් නොහැකි වූ බැවිනි.
ඔහුගේ වැටහීම අනුව ගොවිතැන සොබාදහම සමග කිසිදු හානියක් නොකරන එකක් විය යුතුය. ඒ අනුව ඔහු කළේ සීසෑමක්ද නැති අමුතුවෙන් පොහොර දැමීමක්ද නැති, රසායනික පොහොර නොයොදන, සොබාදහමේ ක‍්‍රියාකාරීත්වය සෘතු හා පසේ ක‍්‍රියාකාරීත්වය ද කෘමි සතුන්ගේ හැසිරීම හ`දුනාගෙන ඔවුන්ටද හානියක් නොවන ස්වාභාවික හෙවත් සොබාදහම් ගොවිතැන් ක‍්‍රමයකි. එය බැලූ බැල්මට මහ කැළෑවක් වගා කරන්නාක් මෙන් පෙනී යන්නකි. එහෙත් නියම විදියට එය කරගෙන ගියහොත් බටහිර ගොවිතැන් ක‍්‍රම අනුව රජය කරගෙන ගිය ගොවි ව්‍යාපාර වලින් ලද ආදායම හා සමාන හෝ ඊට වැඩි ආදායමක් ධාන්‍ය වර්ග වලින් ගත හැකි බවත්, වස විසෙන් තොර ධාන්‍ය ආදිය පාරිභෝගිකයාට ලබා දිය හැකි ආකාරයක් ඔහු ඔප්පු කොට පෙන්වීය.

Rs.170.00


විඥාන භෙරව තන්ත‍්‍ර 
හෙවත් මධ්‍යගත කිරීමේ ක‍්‍රමවේදය

මෙම ග‍්‍රන්ථය නිමවී ඇත්තේද දේවිය අසන ප‍්‍රශ්නවලට ශිව දෙවියන් දුන් පිළිතුරුවල ස්වරූපයෙනි. එබැවින් එහි සජීවී ස්වරූපයක්ද ඇත. එහිදී දේවිය අසන ප‍්‍රශ්න 112 ට ම ශිව දෙවියන් දෙන පිළිතුරු වලින් ඉගි කොට ඇත්තේ ධර්ම ප‍්‍රත්‍යක්‍ෂය තුළට ඇතුඵ විය හැකි වෙන වෙන මාර්ග 112ක් පිළිබදව ය. එබැවින් එක් අතකින් එය තාන්ත‍්‍රික ග‍්‍රන්ථයක් වන අතර අනෙක් අතින් එය ජපන් සෙන් ධර්මය හා සම්බන්ධ  කො අන්  ගැටලූවලට ද  සමානත්වයක් දරයි. 
එසේ බැවින් මෙම උපක‍්‍රම රාශියෙන් එකකට ඇතුඵ වීමට කෙනෙකුට හැකිනම්, එය ඒ සියල්ලටම ඇතුඵ වීමක් හා සමාන වූවක් වන්නේමය. එසේ් ඇතුඵ වීමට ලැබීම යනු ක්‍ෂණ සම්පත්තිය සාක්ෂාත් කිරීම නමැති දුර්ලභ ප‍්‍රතිලාභය ලැබීමකි. ( දුල්ලභා ඛණ සම්පත්ති-ධම්මපදය)


Rs.170.00

නව පූජා

 නුතන ලෝකයට ගැළපෙන ලෙසටද, පැරණි බෞද්ධ සම්ප‍්‍රදායට
ගැළපෙන ලෙසටද සකස් වුණු පූජා විධි ක‍්‍රමයක අවශ්‍යතාව
දැනෙන්නට වී බොහෝ කලක් හෙයින් එ් සඳහා දරන ලද
උත්සාහයක ප‍්‍රතිඵලයකි මෙම නවපූජා විධි ය. එයට ‘නවපූජා’ යැයි
කියන්නේ එය අලූත් නිසා මෙන්ම එය කොටස් නවයකින්ද යුක්ත
වන හෙයිනි.
පුජාවේ යෙදිය යුත්තේ කෙසේද, කොයි අවස්ථාවේදයන වග
මෙම ග‍්‍රන්ථයේ දැක්වෙන පූජා සියල්ලම විශේෂ අවස්ථාවලදී එක
දිගට කිරීම සඳහා යෝග්‍ය ය. ආරක්‍ෂාව සඳහා ඇති කාණ්ඩයෙනුත්,
මෙනෙහි කිරීම සහ සිහිපත් කිරීම සඳහා ඇති කාණ්ඩවලිනුත්
තෝරාගත් එ්වා සතියකට වරක් භාවිත කිරීමට යොදාගත හැක.
දිනකට වරක් භාවිත කිරීම සඳහා 1, 2, 3, 4, 5, 8 යන කාණ්ඩද
සිහිපත් කිරීමේ කාණ්ඩයෙන් තෝරාගත් කොටස් ද ගැනීම යෝග්‍ය
ය. තමන් කැමති ලෙස පාළි බසින් හෝ සිංහල බසින් හෝ මෙම
පූජා භාවිත කළ හැකිය.






Rs.170.00

මළ පොත් පිංච

පද්මසම්භවයන්ගේ නිර්මාණයක් ලෙස සැලකෙන මෙය, පද්ම
සම්භවයන්ගේම නිර්මාණයක් සේ සැලකෙන තිබ්බත මළපොතේ
සාරාංශයක් වැන්න !
සවිස්තර තිබ්බත මළපොත කියවා ගත නොහැකි අයෙකුට මෙම පොත්
පිංච කෙනෙකුගේ අන්තරාභව ගමන හ`දුනා ගැනීමට මහත් රුකුලක්
වේ. අන්තරාභවයේ කෙනෙකුට ගත කරන්නට වන සැටි දැනගත්
පුද්ගලයාට එසේ නොදත් පුද්ගලයාට ඇති වන බිය, සැක සංකා තුනී
වේ.
එපමණක් නොව මෙයින්ද කතුවරයා පාඨකයාට මතු කොට දෙන්නේ
මිය යන අවස්ථාවේදී හා ඉන් ඔබ්බේ අන්තරාභව ශරීරයකට යන්නට
සිදු වුවහොත්, එහිදීම නිවන් සාක්ෂාත් කළ හැකි ආකාරයයි.
එයින් උගන්වනු ලබන්නේ මිය යන්නට අපේක්ෂා කරන කෙනෙකුට
තම මරණයෙන් උපරිම ප‍්‍රයෝජනයක් ගන්නා ආකාරයයි.
ඒ නිසාම මෙම පොත් පිංච, තිබ්බත මළපොතට ඇතු`එ වීමටද අගනා
ද්වාරයක් වන්නේමය. 

Rs.140.00



අද්වය සිද්ධි තන්ත‍්‍රය
ලක්‍ෂ්මීංකරා දේවී විසින

මෙම කෘතිය ලක්ෂ්මීංකරා දේවී නම් යෝගිනියගේ තාන්ත‍්‍රික අත්දැකීම්
ඇතුළත් වූවකි. එය ප‍්‍රමාණයෙන් ඉතා කුඩා වුව ද, ඇතුළත්
කරුණුවලින් බෞද්ධ තන්ත‍්‍ර අතර දැවැන්තයන් වූ ශුන්‍ය සමාජ
තන්ත‍්‍රය හේවජ්‍යතන්ත‍්‍රය වැනි තන්ත‍්‍ර හැදෑරීමෙන් උකහා ගතයුතු
මූලික කරුණු සියල්ලම පාහේ සැකෙවින් පාඨකයාට මෙම ග‍්‍රන්ථය
ඉදිරිපත් වේ.
මෙහි තවත් වැදගත් ලක්ෂණයක් නම්, එය යෝගිණියක ස්ත‍්‍රියක විසින්
ලියන ලද්දක් වීම යි. කෙනෙකු තන්ත‍්‍ර ප‍්‍රත්‍යක්ෂ වන මට්ටමට
ආධ්‍යාත්මික වශයෙන් දියුණු වූ විට ඒ පුද්ගලයා ස්තී‍්‍ර පුරුෂ භේදයෙන්
ඔබ්බට යන්නේ ය. එහිදී ස්තී‍්‍රන්ගේ අත්දැකීම් ද පිරිමින්ගේ
අත්දැකීම්වලට ඉතා සමාන බව මෙම පොත් පිංච පරිහරණය කිරීමෙන්
මනාව කෙනෙකුට පැහැදිලි වේ.
මෙම පොතෙන් තවත් අවධාරණය කොට ඇති දෙයක් නම්, කෙනෙකු
පූජා පැවැත්විය යුත්තේ පිට තැන්වල ඇති බුදු පිළිම ආදියට නොව
තමාටම (තමා තුළම වෙසෙන බුදුන්ටම) බව ය.
Rs.140.00




















Monday, 18 January 2016

විමසීම්

111, Lokilangama Kotugoda| Tel:  94 0773587588  | Email: saharakshi@gmail.com

111, ලෝකිලන්ගම, කොටුගොඩ | දුරකථනය: 94 773587588 | විද්‍යුත් තැපෑල: saharakshi@gmail.com


Free Publications from Sharakshi



                                                                        ඇස් පහ

‘ඇස් පහ’ නමැති මේ කුඩා පුස්තිකාව ඔබට පිරිනමන්නේ
ඇමරිකාවේ බෞද්ධ සංගමයේ සමාරම්භක පුරෝගාමියෙක් වූ
ආචාර්ය චියා තෙන්ග් ෂෙන් විසින් බුදුන් වහන්සේගේ උපත සමරා
1969 වෙසක් මාසයේදී නිව්යෝක් නුවර බුද්ධ බෝධි විහාරයේදී
පවත්වනු ලැබූ දේශනයකි.
මෙම දේශනය නූතන භෞතික විද්‍යා දැනීම ඇසුරු කොට
ගත් විද්‍යුත්-චුම්බක තරංගාවලියක පර්යාලෝකය සහ බුදු දහමේ
ශුන්‍යතාවාදය ඒකාබද්ධ කොටගෙන මිනිස් ඇසේ සාපේක්ෂතාවය ද
එනයින් ලෝක-ස්වභාවය ද ගැඹුරු ලෙස වටහා ගැනීමට උදව්
කරන්නාවූ අත්වැලක් වශයෙන් හඳුන්වා දීමට කැමැත්තෙමි.

ඇස් පහ - පරිවර්තනය මහාචාර්ය ඩබ්ලිව් එම් ගුණතිලක
හැඳින්වීම: ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන


Five Eyes  - Translated by Prof. W. M. Gunathilake
Preface: Dr. Sunil Wijeiriwardena



ආර්ය සංඝාය සූත‍්‍ර ධර්ම පර්යාය


‘‘භාග්‍යවතුන් වහන්සේ එම බෝසතුන්ට මෙසේ කීහ: ‘‘සර්ව - ශූරයෙනි,
මෙම පෘථිවිය මත තවමත් කි‍්‍රයාකාරී ලෙස පවතින සංඝට නම් ධම_පර්යායක්
ඇත්තේය. එම සංඝාට ධම_ පර්යාය අසන  ඕනෑම අයෙකුගේ පංචානන්තර්ය
කර්මයන් ඉවත් වී පවිත‍්‍ර වන්නේය. ඔවුන් කිසි විටෙකත් අනුත්තර සම්‍යක්
සම්බෝධියෙන් ආපසු හැරෙන්නේ නැත. සර්ව ශූරයෙනි, ඔබ මේ ගැන
සිතන්නේ කුමක්ද? මෙම සංඝාට සූත‍්‍රය අසන අයෙක් එක් තථාගතයන්වහන්සේ
නමකගේ පුණස්කන්ධය නිෂ්පාදනය කරන්නේය යන ආකාරයට නොදැකිය
යුත්තේය.’’
සර්ව-ශුර මෙසේ කීය: ‘‘එසේ නම්, එය දැකිය යුත්තේ කවර ආකාරයටද?’’

භාග්‍යවතුන්වහන්සේ මෙසේ කීහ: ‘‘සර්ව -ශූරයෙනි, බෝධිසත්ව - මහාසත්‍වවරු ද ගංගා නම් ගංගාවේ වැලිකැට ප‍්‍රමාණය හා සමාන තථාගත අර්හත්
සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා සංඛ්‍යාවකගේ වැනි පුණ්‍යස්කන්ධයක්
නිර්මාණය කරන්නාහ. සර්ව - ශූරයෙනි, මෙම සංඝාට ධම_පර්යාය අසන
උදවිය කිසිම විටෙක ආපසු හැරෙන්නේ නැත. ඔවුහු තථාගතයන් වහන්සේ දකින්නාහ. ඔවුහු කිසි විටෙකත් තථාගතයන් වහන්සේ දැකීමෙන් ඉවත්
නොවන්නාහ. ඔවුහු අනුත්තර සම්‍යක් සම්බෝධිය තුළ බුද්ධ - බෝධියට පත්
වන්නාහ. දුෂ්ට මාරයාට පවා ඔවුන් ලබා ගන්නා නානා ධම_යන් පසුබා ගිය
නොහැක. සර්ව-ශූරයෙනි, මෙම සංඝාට සූත‍්‍රය අසන සියලූ දෙනාටම සමුදය
- වය (-ඇතිවීම - නැතිවීම යන* ධම_තාව අවබෝධ වන්නේය.’’




ආර්ය සංඝාය සූත‍්‍ර ධර්ම පර්යාය, පරිවර්තනය මහාචාර්ය ඩබ්ලිව් එම් ගුණතිලක
ප‍්‍රකාශණය: ටෙන්සන් ලෙක්ඩ‍්‍රන් මෙහෙණින් වහන්සේ

Sangata Suthra Dharma Paryaya, Translated by Prof. W. M. Gunathilake
Published by: Tenson Lakedran Thero


ප‍්‍රඥා පාරමිතා හෘදය සූත‍්‍රය

ප‍්‍රඥා පාරමිතා හෘදය සූත‍්‍රය වනාහි ප‍්‍රඥාවේ වැඞීම සදහාම වූ ප‍්‍රඥා පාරමිතා නමින් යුත් ධර්ම සුත‍්‍ර
විශාල සංඛ්‍යාවක හදවත බදු වුවකි. එනම්, මෙහි ඇත්තේ එ් සියලූම සුත‍්‍රවල සාරාංශය ය. 
ප‍්‍රඥා පාරමිතා මන්ත‍්‍රය යනු එ් සියල්ලම තව දුරටත් කැටි කොට ඉදිරිපත් කිරීමකි. 
එසේ කෙටි වීම නිසාම එහි බල සම්පන්න බවද වැඩිවන්නේ අත්‍යාවශ්‍ය වු ම කාරනය ගැන 
එහි අවධාරණය කෙරෙන බැවිනි.



සුවර්ණභාසෝත්තම සූත‍්‍රය

සියලූ කර්ම ක්‍ෂය කොට ගෙවා දමන්නා වූ
සුවර්ණභාසෝත්තම නම් වූ
මෙම ගැඹුරු දේශනාව මම
එම සියලූ ජීවී සත්වයන්ටදේශනා කරන්නෙමි.
කෙනෙකු කල්ප දහසක් තිස්සේ කළ
දරුණු පාපකම–යන් සියල්ලම
මෙම සූත‍්‍රය හරහා එක් වරක්
පාපොච්චාරණය කිරීමෙන්
නිසැකවම ගෙවී පවිත‍්‍ර වන්නේය.




මෙම පොත් නොමිලේ ලබාගැනීම සදහා විමසන්න. 0773587588 හෝ 0769757588  නැතිනම් saharakshi@gmail.com

Call us on 0773587588 or 0769757588 or write to saharakshi@gmail.com to get more information on free publications.

මාහාචාර්ය ඩබ්ලිව්.එම්.ගුණතිලක විසින් පලකරන ලද අනෙකුත් පොත්

                              Rs.350.00 - Available


                              Rs.280.00 - Available


                            Rs.300.00 - Available






                         Rs. 250.00 Available


                                Rs.160.00 - Available


                         Rs.450.00 - Available


                             Rs. 115.00 - Available








                       




                             Available


මාහාචාර්ය ඩබ්ලිව්.එම්.ගුණතිලක සහ මාහාචාර්ය ගුණපාල ධර්මසිරි විසින් පරිවර්තනය කරනලද පොත්


                              Rs.300.00 - Available











මාහාචාර්ය ගුණපාල ධර්මසිරි විසින් පලකරන ලද පොත්

                             Rs.600.00 - Available


                             Rs.600.00 - Available
                           


Sunday, 17 January 2016

අල්පවාදය යනු කුමක්ද?

ජොශුවා ෆීල්ඞ්ස් මැලිබර්න් සහ රයන් නිකෝඩෙමුස්
ඇත්තටම මේ අල්පවාදය කියන්නේ මොකද්ද? හරිම සරලයි. ඔබට අල්පවාදියෙකු ලෙස ජීවත්වීමට නම් ඔබ සතු දේවල් 100 අවම කළ යුතුවේ. එ් කියන්නේ ඔබට වාහනයක්, ගෙයක්, රූපවාහිනියක්, වෘත්තියක් ඔබට තියාගන්න බැහැ. ළමයි හදන්න බැහැ. ඔබට බොලොග් අඩවියක් තිබිය යුතුය.

නැහැ... ඇත්තටම අපි පොඩි විහිලූවක් කරේ. අල්පවාදය හුදෙක් එක්තරා විලාසිතාවක් ලෙස සළකා බැහැර කරන පුද්ගලයන් ඔවුන්ට කිසිම දිනක අල්පවාදීන් විය නොහැකි හේතු ලෙස දක්වන්නේ ඉහත දැක්වූසීමාවන් ”.

අල්පවාදය යනු මේ කිසිවක් නොවේ. නමුත් ඔබට එය ඉශ්ඨකරගැනීමට හැක. ඔබ අවම භෞතික වස්තූන් සහිතව හෝ වාහනයක්, රූපවාහිනියක් නොමැතිව හෝ ලොව පුරා සංචාරය කරන ජීවිතයක් ගත කිරීමට කැමති නම් එවිට අල්පවාදය ඔබට උපකාර විය හැක. නමුත් අල්පවාදය කියන්නේ එය නොවේ.

අල්පවාදය ඔබට නිදහස ලබා දීමට උපකාරී කරන මෙවලමකි. බියෙන් නිදහස. පීඩාවන්ගෙන් නිදහස. යටකර දැමීමෙන් නිදහස. වරදකාරී බවින් නිදහස. ආතතියෙන් නිදහස. අපගේ ජීවිත ගොඩනඟා ඇති පරිභෝජන සංස්කෘතියේ උගුල් වලින් නිදහස. සැබෑ නිදහස. භෞතික වස්තූන් අයිති කර ගැනීමේ නෛසර්ගික වරදක් ඇතිබව මෙයින් අදහස් කරන්නේ නැහැ. අද, ගැටලූව වන්නේ අප සතු දේවල් වලට අප ලබා දී ඇති අර්ථයයි. අපගේ සෞඛ්, සම්බන්ධතාවයන්, ආශාවන්, පෞද්ගලික වර්ධනය, අපගේ සීමාවන් ඉක්ම යමින් දායක කිරීමට ඇති ආශාව යන සියල්ල අත්හැර යමින් අප සතු දේවල් වලට පමණ ඉක්මවූ අර්ථයන් ලබා දී ඇත.
ඔබට වාහනයක් හෝ නිවසක් අයිති කරගැනීමට අවශ්යද? ඉතා හොදයි. ගන්න. පවුලක් හදාගෙන වෘත්තිමය ජීවිතයක් අවශ්යද? මෙම දේවල් ඔබට වැදගත් නම් එය අපුරුයි. අල්පවාදය හුදෙක් වඩාත් සවිඥණිකව, වාඩාත් විචාරවත්ව මෙම තීරණගැනීමට ඉඩලබා දේ

අගය කළ හැකි වෙනස් ජීවිත ගත කළ සාර්ථක අල්පවාදීන් බොහෝමයක් ඇත. අපේ මිතලියෝ බබාඋටා ළමයින් හය දෙනෙක් සහ බිරිඳක් ඇත. ජොශුවා බේකර්ට තමා අසාකරන වෘත්තියක්, ආදරය කරන පවුලක් සහ සුබූරියාවේ නිවසක් සහ වාහනයක් ඇත. අනෙක් අතට, කොලින් රයිට්ට දේවල් 51ක් අයත් අතර ලොව පුරා සංචාරය කරයි. ටැමී ස්ට්රෝබෙල් සහ ඇගේ සැමියාකුඩා නිවසකජීවත් වන අතර වාහන වලින් නිදහස්ව ජීවත්වේ. මෙම සෑම පුද්ගලයෙකුම එකිනෙකාට වෙනස් ජීවිත ගත කළත් මොවුන් අතර පොදුවේ බෙදාගන්නා කරුණු දෙකක් ඇත. ඔවුන් අල්පවාදීන් . අල්පවාදීබව ඔවුන් අරමුණු - සහිත ජීවිත ගත කිරීමට ඔවුන්ට ඉඩලබා දී ඇත.

නමුත් එකිනෙකට වෙනස් වුවත් මෙම සියලූම පුද්ගලයන් අල්පවාදීන් වන්නේ කෙසේද? නැවතත් අපව මූලික පශ්නය කරා ගෙන යයි. එසේනම් අල්පවාදය යනු කුමක්ද? අප මෙය සරල වාක්යයකට සාරාංශ කළහොත්, අප කියන්නේඅල්පවාදය යනු, වැදගත් කුමක්ද යන්න වෙත අවධානය යොමුකිරීම වෙනුවෙන් ජීවිතයේ අතිරික්තයන් ඉවත්කිරීමට උපකාරී කරන මෙවලමකි. මෙමගින් ඔබට සතුට, තෘප්තිමත් බව සහ නිදහස සොයාගැනීමට හැකිවනු ඇත.

අල්පවාදය අපට මෙසේ උපකාර කර ඇත.
  • අතෘප්තිය තුරන් කිරීමට
  • කාලය නැවත ලැබීමට
  • මෙම මොහොත සමඟ ජීවත් වීමට
  • අපගේ ආශාවන් හබායෑමට
  • අපගේ මෙහෙයන් සොයාගැනීමට
  • ස්වාධීන පුද්ගලයෙකු ලෙස වර්ධනය වීමට
  • සැබෑ නිදහස අත්විදීමට
  • අපගේ සෞඛ් පිළිබඳ අවධානය යොමුකිරීමට
  • වැඩියෙන් නිර්මාණය කර, අඩුවෙන් පරිභෝජනය කිරීමට
  • අපගේ සීමාවන්ට ඔබ්බෙන් දායකකිරීමට
  • අතිරේක දේ වලින් නිදහස් වීමට
  • අපගේ ජීවිතයේ අර්ථය සොයාගැනීමට


අල්පවාදය අපගේ ජීවිත වලට එක්කර ගැනීමෙන්, අපට අවසානයේ බොහෝ කල් පවත්නා සතුටක් සොයාගැනීමට හැකිවී ඇත. අප සැමෝම සොයන්නේ එයම නොවේද? අප සැමටම සතුටින් ජීවත් වීමට අවශ් වේ. අල්පවාදීන් සතුට සොයන්නේ භෞතික දේවල් වලින් නොව, නමුත් ජීවිතය තුලින්මය. එනිසා, ඔබගේ ජීවිතයට අවශ් දේ සහ අතිරේකයන් කුමක්ද යන්න තීරණය කිරීම ඔබ සතු වේ.

අපගේ රචනා වලින් අප දැඩි රීතී හෝ අහඹු ලෙස තේරූ නීති මාලාවක් පිළිපදිනවා වෙනුවට අල්පවාදි ජීවන රමයක් ලඟාකරගත හැකි අදහස් කිහිපයක් ඔබ හමුවේ තැබීමට අදහස් කරනවා.

අවවාදය යි. පළමු පියවරයන් කිහිපය තැබීම පහසු නැත. නමුත් අල්පවාදය කරා ගන්නා ගමන් මග රමයෙන් පහසුවනු ඇත. තවත් ඉදිරියට ගමන් කරන විඩ වඩාත් තෘප්තමත් වනු ඇත. පළමු පියවර ගැනීමට ඔබගේ සිතුවිලි, කිරයාවන් සහ පුරුදු වල තීරණාත්මක වෙනස්කම් අවශ් වනු ඇත. බිය නොවන්න. අපගේ අත්දැකීම්, සාර්ථකත්වයන් සහ පරාජයන් ඔබට උපකාරයක් වීමට සටහන් කර ඇත. අපට අවශ් වන්නේ ඔබට වඩාත් අර්ථාන්විත ජීවිතයකට උපකාර කිරීමටය.

මූලාශරයwww.theminimalists.com

To Read in Englishhttp://www.theminimalists.com/minimalism/