Wednesday, 3 February 2016

මිහිමඩල සමග ආදරයෙන් බැදීම



 තිච් නහත් හාන්

පෘතුවිය ලෙසින් හදුන්වන මෙම සුන්දර, සමෘද්ධිමත්, ජීවය දෙන ග්රහලෝකය අප සැමට උපත ලබා දී ඇත්තා සේම අපගේ සෑම ෙසෙලයකම මිහිකත ගැබ්ව ඇත.

පෘතුවිය සහ අප එකකි 

පෘතුවිය අපගේ මාතාවයි. හුස්ම ගැනීමට වායුව, බීමට පිරිසිදු ජලය, අනුභවකිරිමට ආහාර සහ අසනීප වූ විට සුව කිරීමට ශාක ඔසු ලබා දෙන ඇය සෑම මොහොතකම අපව පෝශණය කරමින් අප රැකගනියි. අප ගන්නා හැම හුස්මකම, මේ භූමියේ නයිට්ජන්, ඔක්සිජන්, වාශ්පවූ ජලය සහ අන්වේශ්ය මූලදර්ව්ය අඩංගු වී ඇත. අප සතියෙන් හුස්ම ගන්නා විට පෘතුවියේ සියුම් වායුගෝලය, සියළු ශාක මෙන්ම පුභාසංස්ලේෂණය යන විශ්මය සිදු කරවන්නාවු ආලෝකය අපට ලබා දෙන සූර්යයා සමඟ පවා සම්බන්ධව ඇති අපගේ අන්තර්-ජීවය / අන්තර්-සත්තාව අත්දැකිය හැක. සෑම හුස්මක් සමඟ මෙම එක්වීම අපට අත්දැකිය හැක. සෑම හුස්මක් සමඟ ජීවිතයේ ආශ්වාදයන් විදිය හැක.



අප සිතන සහ දකින ආකාරය වෙනස් කළ යුතුව ඇත. පෘතුවිය යනු හුදෙක් අපගේ පරිසරය පමණක් නොවන බව අප වටහා ගත යුතුව ඇත. මිහිමඩල අපට බාහිරින් පවතින්නක් නොවේ. සතියෙන් හුස්ම ගනිමින් ඔබගේ ශරීරය ගැන මෙනෙහි කරන විට ඔබට වැටහේවි ඔබ යනු මිහිමඩල බව. ඔබට අවබෝධ වේවි ඔබගේ විඥණය යනු මිහිමඩලේ විඥනය බව. ඔබ අවට බලන්න - ඔබ දකිමින් සිටින්නේ ඔබගේ පරිසරය නොව ඔබයි.
 
උතුම් මිහිකත

අප අයත්වන්නේ කවර ජාතියකට හෝ සංස්කෘතියකට වුවත්, අදහන්නේ කුමන ආගමක් වුවත්, අප බෞද්ධ, කිතුනු, මුස්ලිම්, යුදෙව් හෝ අදේවවාදියෙකු වුවත් පෘතුවිය නිෂ්කී්ුය දෙයක් නොවන බව අපට දැකගත හැක. බුදුවරුන්, බෝධිසත්වයන්, අනාගත වක්තෘන් සහ ශාන්තුවරයන්, දෙවියන්ගේ සහ මනුශයන්ගේ පුත්රයන් සහ දියණියන් වැනි බොහෝ ශ්රේෂ්ඨ ජීවීන්ට උපත ලබා දුන් ඇය උසස් ජීවියෙකි. පෘතුවිය ආදරණීය මවකි. ඇය කිසිදු වෙනස් කිරීමකින් තොරව සියලූම මිනිසුන් සහ විශේෂීන් පෝශණය කරමින් රැකගනු ලබයි.


පෘතුවිය යනු ඔබගේ පරිසරයට වඩා අපිරිමේය යැයි ඔබට ප්රත්යක්ෂ වූ විට ඔබ රැකගැනීමට වෙහෙසෙන තරම්ම ඔබ ඇයව රැකගැනීමට යොමු වනු ඇත. අපට අවශ්ය වන්නේ මෙවන් අවබෝධයකි. මෙවන් අවදිවීමකි. පෘතුවියේ අනාගතය තීරණය වන්නේ මෙවැනි විඥණයක් අප වගාකරගත හැකිද නැද්ද යන්න මතයි. පෘතුවිය සහ එහි වාසය කරන සියලූම සත්වයන් සැබෑ තර්ජනයකට මුහුණපාමින් ඇත. නමුත්, අපට පෘතුවිය සමඟ ගැඹුරු සම්බන්ධතාවයක් ගොඩනගා ගත හැකිනම්, අපගේ ජීවන රටාව වෙනස් කිරීමට ප්රමාණවත් ආදරයක්, ශක්තියක් සහ පිබිදීමක් අත්පත් කරගනු ඇත.


ආදරයෙන් බැඳීම


පෘතුවියේ අපරිමිත සුන්දරත්වය, ලාලිත්ය සහ සුසංයෝගය ඉදිරියේ ඇතිවන ගෞරවනීයත්වය සහ ආදරය පිළිබඳ හැඟීම් අපට අත්දැකිය හැක. චෙරි අත්තක පීදීම, ගොලූ බෙල්ලෙකුගේ කට්ට හෝ වවුලෙකුගේ පියාපත් යන සියල්ල මිහිකතේ ශූර නිර්මාණශීලීත්වයට සාක්ෂි දරයි. සෑම විද්යාත්මක අවබෝධයේ ප්රගමනයත් සමඟ මෙම ආශ්චර්යමත් ග්රහයා වෙත ඇති අපගේ ආදරය සහ ගෞරවය තීව්ර කරයි. අප සැබවින්ම පෘතුවිය හඳුනාගත්විට සහ එ ගැන ප්රත්යක්ෂ වූ විට අප හදවත් තුළ ඇය කෙරෙහි ආදරයක් ජනිත කරවයි. අපට එකට බැඳුනු හැඟීම ඇති කරවයි. මෙයයි ආදරයේ සැබෑ අරුත. එක් අයෙකු සේ වෙසීම.


අපගේ අන්තර්-සම්බන්ධතාවය පිළිබඳ දැක්මෙන් සහ ප්රණාමයෙන් පිරුණු කිරියාවන් මතුවන්නේ මිහිකත සමඟ නැවතත් ආදරයෙන් බැඳුන විටකදී පමණි. නමුත් අප බොහෝ දෙනෙක් පෘතුවියෙන් හුදෙකලා වී ඇත. අප අතරමංව, හුදෙකලාවී සහ තනිවී ඇත. පරිභෝජනයේ අතරමංව ඇති අප බොහෝ වෙහෙසවී වැඩකරයි, අප ජීවිත බොහෝ කාර්යබහුලය, එපමණක් නොව අප චංචල සහ වියවුල්ව ඇත. නමුත් ඉරිඟු ඇට වල ආශ්චර්ය, ප්රබෝධවත් දිය සීරා, සුවඳවත් වනාන්තර, හිමෙන් වැසී ගිය තේජාන්විත කදු මුදුන් සහ හිමිදිරියේ ඇසෙන පී්ුතිමත් කුරුළු ගී රාවයන් වැනි අපගේ සුවය සහ පෝශණයට අවශ්ය සෑම දෙයම ලබා දෙමින් පෘතුවිය සැම විටම අප සමඟ සිටියි.

සැබෑ සතුට නිමවෙන්නේ ආදරය මගිනි  


බොහෝ දෙනෙක් සිතන්නේ අපට සතුටින් ජීවත්වීමට බොහෝ මුදල්, බොහෝ බලය හෝ තත්වය අවශ්ය බවයි. මුදල්, බලය හෝ තත්වය පසුපස හබා යෑමේ කාර්ය බහුල ජීවිත ගතකරන අපට, මේ මොහොතේ පවතින පී්ුතිමත් විය හැකි සියලූම තත්වයන් නොසළකනු ලබයි. එපමණක් නොව, අපගේ ශරීරය සහ පෘතුවිය මත මහත් පීඩාවක් ඇති කරමින්, අපට අවශ්ය නොවන බොහෝ දේ මිලදී ගනිමින් සහ පරිභෝජය කරමින් අතරමං වී ඇත. නමුත්, අප කන, බොන, බලන, කියවන හෝ සවන්දෙන බොහෝමයක් විශ සහිතය අතර අපගේ මනස සහ ශරීරය පුචණ්ඩත්වයෙන්, කෝපයෙන්, භීතියෙන් සහ සංතාපයෙන් දුෂණය කරයි.


භෞතික පරිසරයේ කාබන් ඩයොක්සයිඞ් දුෂණය මෙන්ම, මානව පරිසරයේ ආධ්යාත්මික දුෂණය: එනම් අපගේ පරිභෝජන රටාවන් තුළින් නිර්මාණය කරන විශ සහිත විනාශකාරී අවකාශයන් ගැනද අපට කතාබහ කළ හැක. සාමය සහ පී්ුතිය සැබවින්ම අප තුළ රඳා පවතින ලෙසින් අප පරිභෝජනය කළ යුතු වේ. අපගේ ශිෂ්ඨාචාරය තිරසාර වන්නේ අප මිනිසුන් ලෙස රඳා පැවතුනහොත් පමණි. අපට මෙම මොහොතේ සහ මෙතැන පී්ිුතිමත් වීමට හැකියාව ඇත.

ඔබට සතුටින් සිටීමට විශාල ලෙසින් පරිභෝජනය කිරීමට අවශ්ය නැත. ඇත්ත වශයෙන්ම අපට ඉතා සරලව ජීවත් විය හැක. සතියෙන් ගතකරන විට  ඕනෑම මොහොතක් පී්ුතිමත් මොහොතක් බවට පත්කළ හැක. එක් සරල හුස්මක් ඇගයීමට, දීප්තිමත් නිල් අහස රස විඳීමට එක මොහොතක් ගත කරන්නේ නම් හෝ ආලය කරන පුද්ගලයා ඉදීම, සම්පූර්ණයෙන් විඳීමෙන් අපව බොහෝ සෙයින් පී්ුතිමත් කිරීමට පු්රමාණවත් වේ. අප සියල්ලන්ටම අප සමඟ, අපගේ ආදරය කරන පුද්ගලයන් සමග, සහ පෘතුවිය සමඟ නැවත සම්බන්ධ වීම අවශ්ය වේ. මුදල්, බලය හෝ පරිභෝජනය කිරීමෙන් නොව, අපට සතුටු විය හැක්කේ ආදරය සහ අවබෝධය අප හදවත් තුළ ඇති විට පමණි.


 ඔබගේ අතේ තියන පාන් විශ්වයේ ශරීරයි
අප පරිභෝජනය කළ යුත්තේ අපගේ දයාව ජීවත්කරවමිනි. නමුත් බොහෝ දෙනෙක් පරිභෝජනය කරන්නේ ඉතා සාහසික ලෙසින්ය. ලොව පුරා කුසගින්නෙන් මිලියන ගණනින් මිය යන විටක අප වනාන්තර කපා දමා මස් සඳහා හරක් ඇති කිරීමට හෝ මත්පැත් සදහා බීජ වගා කරයි. අප පරිභෝජනයට ගන්නා මස් සහ මත්පැන් 50% අවම කිරීම යනු අපටද, මාතෘභූමියටද එකිනෙකා වෙනුවෙන්ද කරන්නාවූ සැබෑ පේ්ුුමණීය කි්ුයාවකි. දයාවෙන් යුක්තව ආහාර ගැනීමෙන් පමණක්ම අපගේ පෘතුවිය මුහුණ පා ඇති තත්වය පරිවර්ථනය කිරීමට උපකාර කරනවා පමණක් නොව එමගින් අපගේ සහ මාතෘභූමියේ තුලිතතාවය පිළිසකර කිරීමට උපකාරී වනු ඇත.

සහෝදර, සහෝදරීත්වය තරම් අන් කිසිවක් වැදගත් නැත


අපට විප්ලවයක් අවශ්යව ඇත. එය අප එකිනෙකා තුළින්ම ආරම්භ විය යුතු වෙමු. අප අවදිව පෘතුවිය සමඟ ආදරයෙන් බැදිය යුතුය. අප බොහෝ කලක් හෝමෝ සේපියන් ලෙස ජීවත්ව ඇත. දැන් මානව සවිඥනික වීමට කාලය පැමිණ ඇත. පෘතුවිය කෙරෙහි අප තුළ ඇති ආදරය සහ ගෞරවය සියලූම සීමාවන්, වෙනස්කම් සහ වෙනස්කොට සැළකීම් ඉවත් කරමින් අපව එක් කිරීමට බලය ඇත. ශතවර්ශ ගණනාවක පුද්ගලවාදය සහ තරඟකාරීත්වය අති විශාල විනාශයක් සහ හුදෙකලාකරණයක් අපට ලඟාකර දී ඇත. අප සමඟ, පෘතුවිය සමඟ සහ එක මවකගේ දරුවන් සේ එකිනෙකා සමඟ සැබෑ සත්පුසාදයක් සැබෑ සංනිවේදනයක් නැවත ගොඩනැගිය යුතු වේ. පෘතුවිය රැකගැනීමට නව තාක්ෂණයට වඩා යමක් අපට අවශ්ය වේ. සැබෑ පු්ජාවක් සහ සැබෑ සහයෝගීතාවක් අවශ්ය වේ.


සියලූ ශිෂ්ඨාචාරයන් අස්ථිර වන අතර යම් දිනක අවසානයට පැමිණෙනු ඇත. නමුත් අප මෙම මාවතේ තවදුරටත් ගමන් කළහොත්, අප සිතා සිටියාට වඩා වේගයකින් අපගේ ශිෂ්ඨාචාරයන් විනාශ වන බවට කිසිදු සැකයක් නැත. පෘතුවියට සුව වීමට, ඇයගේ සමබරතාවය සහ සුන්දරත්වය නැවත ලබාගැනීමට වර්ශ මිලියන ගණනාවක් අවශ්ය විය හැක. ඇයට පු්කෘති තත්වයට පත්වීමට හැකි වුවද නව ස්වරූපයකින් අපව ගෙන්වා ගැනීමට අවශ්ය සාධක ජනනය කරන තුරු මානවයන්වූ අපත් තවත් බොහෝ විශේෂීන්ද වියැකී යනු ඇත. අප ශිෂ්ඨාචාරයන්ගේ අස්ථිර පැවැත්ම නිසලව පිළිගැනීමට හැකිවූ විට, අප තුළ ඇති බියෙන් අප නිදහස් වනු ඇත. අපව එක් කළ හැකි ශක්තිය, පිබිදීම සහ ආදරය ඇති වන්නේ එවිට පමණි. අපගේ  මිහිකත සුරැකීම, පෘතුවිය සමඟ ආදරයෙන් බැඳීම වගකීමක් හෝ රාජකාරියක් නොවේ. එය පුද්ගලික සහ සාමූහික සතුට සහ නොනැසී පැවතීමේ සාධකයකි.


සටහන:
දේශගුණික විපර්යාස සහ අප එකිනෙකා වෙත මෙන්ම පෘතුවිය සමඟ ඇති සම්බන්ධය පිළිබඳව කෙටි පු්කාශයක් ලබා දෙන මෙන් 2014 දී තිච් නහත් හාන් වෙත එළඹි දේගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය (UNFCCC) ඉල්ලා සිටින ලදී. මෙම පු්කාශය 2015 සැප්තැම්බර් මස පැවැතිි පැරිස් දේශගුණික විපර්යාස සමුළුවට පෙර UNFCCCවෙබ් අඩවියේ පල කරන ලදී.

To Read in English: http://newsroom.unfccc.int/1758.aspx



No comments:

Post a Comment